Thursday, November 24, 2016

GPU (Graphics Processing Unit) Explaining In Sinhala/ English

මොකක්ද මේ phone එකේ GPU එක කියන්නේ? 


 අද කතා කරන්නෙ GPU එක ගැන ගේම් පිස්සෝ නම් දන්නවා GPU කියන නම හැබැයි ගොඩක් දෙනෙක් දන්නැ මොකක්ද මේ කියලා...
     GPU කියන නමේ තේරුම තමයි Graphics Processing Unit ( චිත්‍රක සකසන ඒකකය ) මේකෙන් කෙරෙන්නෙ phone එකේ තියෙන චිත්‍රමය ( photos, videos, games, වගේ අපිට Display වෙන හැමදෙයක්ම) සකස් කිරීම. මේකෙන් අපිට තියෙන වාසිය තමා CPU ( Centrel Processing Unit ) ( මධ්‍ය සැකසුම් ඒකකය ) එකෙන් කෙරෙන කාර්යය අඩු වෙන එක. ඒක අපිට ලොකු උදව්වක් වෙනවා phone එකේ perfomence වැඩි වෙන්න

GPU Rendering කියන්නෙ මොකක්ද?



ඔයාලා දැකලා ඇති Developer Options වල පහළ තියෙනවා Force Gpu Rendering කියලා. මේ කියන්නෙ ඒ Option එක ගැන නෙමේ මොකක්ද GPU Rendering කියන්නෙ කියලා එතකොට තේරෙයි ඒ Option එකේ තේරුම..
     GPU Rendering කියන එකෙන් වෙන්නෙ GPU එකේ කරන අමාරු කාර්යයන් පහසු කරන එක. ඒකෙන් වෙන්නෙ අදාල සැකසුම් පහසු ආකාරයට සකස් කරන එක මේක GPU එකට ලොකු පහසුවක් ඒකෙන් 3D ( ත්‍රමාණ ) වැඩ ගොඩක් පහසුවෙන් කිරීමේ හැකියාව ලැබෙනවා. 
        දැන් තේරෙනව ඇති අර කලින් කියපු Option එක තියෙන්නෙ මොකටද කියලා. 😉 ඒකෙන් වෙන්නෙ ත්‍රිමාණ සජීවිකරණයන් ද්වීමාන බවට හැරවීම ඒක ලොකු පහසුවක් GPU එකට.


GPU වල ඉතිහාසය? 

GPU මුලින්ම හදුන්වා දෙන්න කලින් ඒ වැඩ කලෙත් CPU එක..(පව් නේද CPU එක😔) ඒකත් Phone වලට නෙමේ පරිගණක වලට මුලින්ම ආපු GPU Card එක තමයි Nvidia Geforce 256 නිපදවන්නෙ Nvidia Corporation සමාගම විසින්. ඒ ක්‍රිස්තු වර්ෂ බර ගණන් වල එහෙම නෙමෙයි 1999  ඔක්තෝබර් 11. නමුත් ඊට පෙර 1970 සිටම Arcade Games සඳහා විවිධ පර්යේෂකයින් GPU System දියුණු කලා.

**අදටත් Nvidia සමාගම තමා පරිගණක වලට හොදම GPU නිපදවන්නෙ**
      
        Mobile Phone වලට ආපු පළවෙනි GPU එක ගැන නම් හරි විස්තරයක් සදහන් වෙලා නෑ හැබැයි Open GL 2.0 Support කරන පළවෙනි GPU එක තමයි Mali 400MP කියන GPU එක ( සමහරුන්ගෙ phone වලත් තාම තියෙනවා ). නමුත් දුරකතන ලෝකයේ GPU ප්‍රමුඛයා වෙන්නෙ Power VR සමාගම. 

මගේ Phone එකේ GPU එක මොකක්ද?

ඔයාලගෙ Phone එකේ GPU එක බලාගන්න දැන් ඇප්ස් ගණනාවක්ම තියෙනවා කිහිපයක් කියන්නම්.

Cpu Z
Cpu X
Droid Hardware Info
Aida 64 ( ඔයාලගෙ GPU එක ගැන ලොකු විස්තරයක් බලාගන්න මේකෙන් පුලුවන් )

මේ හැම එකක්ම Playstore එකෙන් ගන්න...

අවසාන වශයෙන් දැනට ලෝකයේ හොදම GPU 10...


මේ තියෙන්නෙ දැනට තියෙන හොදම GPU දහය. බලන්න ඔයාගෙ එකත් තියෙනවද කියලා...

#1 PowerVR GT7XT Series

#2 Nvidia Tegra X1

#3 Apple A10 Fusion

#4 Qualcomm Adreno 530

#5 PowerVR GXA6850

#6 Nvidia Tegra K1 Kelper

#7 PowerVR GT6700 / Apple A9

#8 ARM Mali - T880 MP12

#9 ARM Mali - T760 MP8

#10 ARM Mali - T880 MP4

     ඉතින් ඔන්න ඔයාගෙ එක මෙතන නෑ කියලා දුක් වෙන්නෙපා..හොදට Games ප්ලේ කරන්න පුලුවන් නම් එච්චරයි..(සිත නිවන කතා...😔) එහෙනම් තවත් තාක්ෂණික ලිපියකින් හමුවෙමු. පෝස්ට් එක හොදනම් අඩුපාඩු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...😉

Posted By
Danux
   

0 comments:

Post a Comment