Thursday, November 24, 2016

How to Boot Into Revovery Mode ( Huawei, Samsung, LG, HTC, Nexus, Motorola & Micromax Mobiles)


What Is Recovery Mode..How to Swith into it 


ඔන්න අද කියන්නෙ කොහොමද ඔයාගෙ phone එක recovery mode එකට දාගන්නෙ කියල. මේකට අපි CWM (Clock work Mode) කියලත් කියනවා.
      මේක ගොඩක් වැදගත් වෙනවා ඔයාලගෙ පෝන් එක හදිසියකදි Reset කරන්න. (Virus Attack එකක් ආවම phone එක ඔන් නොවි තියෙද්දි, screen lock එක (pattern/passworrd/fingerprint or any lock option) අමතක වුනාම වගේ මේ revovery mode එකෙන් ඔයාගෙ phone එක reset කරගන්න පුලුවන්.
      Reset කරනවට අමතරව තව දේවල් මේකෙන් කරන්න පුලුවන් ඒ තමයි software දාන එක. ඒකත් කරන්න පුලුවන් මේ recovery mode එකෙන් ඒ ගැන ලිපියකුත් දානවා.😉
      ඔයාලට ඕන නම් ඔයාලගෙ phone එකේ මේ screen lock එක අයින් කරන්න පුලුවන් phone එක reset නොකර. ඒක ටිකක් සංකීර්ණයි මොකද ඒකෙන් phone lock එක පයිපාස් කරන නිසා(bypass) ඒ ගැන ලිපියක් වෙනම දාන්නම්😍

හරි දැන් recovery mode එක ගැන අදහසක් ගන්න ඇතිනෙ. දැන් බලමු කොහොමද Recovery mode එකට දාගන්නෙ කියලා.
   මේක phone එකෙන් phone එකට වෙනස් huawei වල ක්‍රමය නෙමෙයි samsung ක්‍රමය ඒ නිසා වෙන වෙනම මම කියන්නම් කොහොමද කරන්නෙ කියලා. මේක කරන්නෙ phone එක off කරාට පස්සෙ කියල හොදට මතක තියාගන්න. ( on එකේ තියෙද්දි කරලා මට බනින්නෙපා 😂 )

ඔයාලා මං කියන විදියට බටන් ටික එබුවම මේ screen එක එයි එතකොට button ටික අතාරින්න පුලුවන්..

#1 සාමාන්‍ය දුරකතන වල නම් මෙහෙමයි....

     *Vloume up button + Home button + power  
       button එක පාර ඔබාගෙන ඉන්න එහෙම                  නැත්තන්.
       Power Button + Volume Up එක...
       (Samsung වලට පළවෙනි ක්‍රමය සහ බොහෝ            දුරකතන
         වලට මේ ක්‍රමය තමා නැත්තන් දෙවෙනි                      ක්‍රමය)
      
#2 Nexus දුරකතන වල...

    *Volume up + Vloume down + Power button           මේ විදියට එකපාර ඔබන්න

    
#3 Motorola දුරකතන වල...

    *Power button + home buttons මගින්.

#4 LG දුරකතන වල...

    *මේකෙ නම් ක්‍රමේ ටිකක් වෙනස්                                 බලාගන්නකො...
      Power button + Volume Down button                     ඔබාගෙන හිටියම
      සමහර LG phone වල Logo එක ඇවිත් මෙනු           එකක්
      එනවා. හැබැයි සමහර ඒවගෙ තියෙන්නෙ Logo       එක
      ආපු ගමන් vloume up හරි volume down හරි         ඔබන්න.

#6 Huawei දුරකතන වල...

    *Power Button + Volume Up button ඔබන්න...

#5 HTC දුරකතන

    *මේකෙ ඉස්සෙල්ලා phone එක ඔන් එකේ                   තියෙද්දි
      Fast Boot Option enable කරල නම් එක                   settings වලින් අයින් කරන්න වෙනවා. ඊට                 පස්සෙ ඕෆ් කරලා
      Power button + Volume Down button                     ඔබන්න.

මේ පින්තුරත් ඔයාලට වැදගත් වෙයි...







කොහොම කලත් මේ වගේ Screen එකක් තමයි ඔයාලට පෙන්නන්නෙ මෙතන ටච් කරාට මුකුත් වෙන්නෙ නෑ Control කරන්න තියෙන්නෙ power Button/Home Button, Volume Up, Volume Down වලින් ඒක මෙන්න මෙතන දාලා තියෙනවා කොහොමද කරන්නෙ කියලා.





දැන් කොහොමහරි Recovery Mode / CWM එකට ගියා කියමුකො බලමු මොනාද මේකෙ තියෙන Options කියලා
   මේකෙ ඔයාලගෙ Recovery Mode Version එක අනුව Options වෙනස් වෙනවා මං මෙතන මගේ Phone එකේ (Samsung Galaxy S6 Edge Plus) Recovery Mode එක ඔන් කරගෙනයි තියෙන්නෙ. ඉතින් ඒක ආවෙ 2015 ඒ නිසා අලුත් version. හැබැයි ඔයාගෙ phone එක පරණ නම් ( අවුරුදු දෙකක්, තුනක් වගේ..අරගත්ත කාලෙ නෙමෙයි phone එක හදපු කාලෙ) මේ options අඩු වෙන්න පුලුවන්.

බලාගන්නකො Options... (**Photos පැහැදිලි නැත්නම් Photo එක ටච් කරන්න**)









හරි ඔන්න ඕක තමයි Recovery Mode එක ඉදිරි ලිපි වලින් මේකෙන් කරන වැඩ ගැන දානවා..

**Phone එක Reset කිරීම.
**Custom Rom/Software Install කිරීම
**Screen Lock Bypass
**Root කිරීම..

නිතරම බ්ලොග් එක ගැන ටච් එකේ ඉන්න..ගැටලු ගැන හරි පෝස්ට් එක ගැන හරි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නෙපා...

Good Luck
Posted By Danux

4 comments: