Monday, November 21, 2016

Online ඉන්නෙතුව අපි ඉන්න තැන බලාගමු..

Online ඉන්නෙතුව අපි ඉන්න තැන බලාගන්න‍ Offline GPS Navigation.


App|arround 60mb



මේකට කියන්නෙ ඕෆ්ලයින් ජීපීඑස් නැවිගේෂන් කියලා අපි ඉන්න තැන අපි බලාගන්නෙ ඩේටා ඔන් කරගෙන ඩේටා කපාගෙන නේ එහෙම නැතුව අපි ඉන්න තැන බලාගන්න යන්න ඕන තැන බලාගන්න අපිට මේ ක්‍රමය යොදාගන්න පුලුවන්.
   මේ වැඩේ කරන්න ඇප්ස් ගණනාවක් තියෙනවා. අපි භාවිතා කරන්නෙ ගූගල් මැප්ස් නෙ. ඒකට ඉන්ටර්නෙට් අත්‍යවශ්‍යමයි. එහෙම නැතුව ඕෆ්ලයින් ක්‍රමේට කරනවනම් ඕෆ්ලයින් ඇප් එකක් භාවිතා කරන්න වෙනවා
      මෙහෙම තියෙන ඇප්ස් වලින් හොඳ ඇප් එකක් ගැන අද කියලා දෙන්නම් ඒ ඇප් එකේ නම Be On Offline Navigation..ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් නැත්තන් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

වැඩ පටන් ගමු...

මේ ඇප් එක ඔන් කරන්න කලින් පෝන් එකේ gps සක්‍රීය කරගන්න ඕනෙ ඉන්ටර්නෙට් තියෙන්නත් ඕනෙ පළවෙනි පාර වැඩ කරද්දි.දැන් ඇප් එක ඔන් කරගන්න..

ඇප් එක මුල් වරට ඕපන් කරද්දි Manage Maps තිරය පෙන්නයි එතනින් Asia තෝරගන්න ඊට පස්සෙ Sri Lanka තෝරගන්න ඊට පස්සෙ ලංකාවෙ මැප් එක ඩවුන්ලෝඩ් වෙයි.මේක ඉවර වෙනකන් ඉන්ටර්නෙට් තියෙන්න ඕනෙ සිතියම් ටික ඩවුන්ලෝඩ් වුනාම ඇප් එක රීස්ටාර්ට් වෙයි.

මෙහිදී GPS නම් ඔන්වෙලා තියෙන්න ඕනෙ. මැප්ස් ඩවුන්ලෝඩ් වුනාට පස්සෙ ඉන්ටර්නෙට් ඕනෙ නෑ.

දැන් තමන් ඉන්න තැන බලාගන්න ඕන නම් පහළ වම් පස ඇති Resume බටන් එක ටැප් කරන්න. දැන් නිල් පාට ඊතල ලකුණකින් තමන් ඉන්න තැන පෙන්නයි.....

යා යුතු තැන මාර්ගය බලා ගැනිමට සිතියමෙන් යා යුතු තැන තෝරා ගන්න නැත්තන් Search එකෙන් Navigation To එකෙහි යන්න ඕන තැන ටයිප් කරන්න. ඊට පස්සෙ එම ස්ථානය සිතියම මත නිල් පාටින් පෙන්නයි. දැන් ඒකෙනුත් යා යුතු ස්ථානය තෝරාගන්න පුලුවන්. ඊටත් පස්සෙ...Location කියලා තිරයක් ඕපන් වෙයි වෙයි. එතන පහළ තියෙන Get Directions තෝරන්න එතකොට යන්න ඕන තැන මාර්ගය නිල් පාටින්ද ඊතල ලකුණු වලින් අදාල දිශාවද පෙන්වයි.

අවසාන වශයෙන් ඇප් Main Menu ගැන කතා කරමු.

Destination :- ගමන් මාර්ගවලට අදාල තේරීම් කිරීම. කලින් ගමන් කල මාර්ගය නැවත බලා ගිනීම ලිපින ටයිප් කර වෙනත් ගමන් මාර්ග තෝරාගන්න පුලුවන්.

POL :- දැන සිටින ස්ථානයේ අවට තිබෙන ස්ථාන බලාගන්න පුලුවන්

Home :- නිතර යන තැන් තියෙනවනෙ ඒවා ලකුණු කරලා තියාගන්න පුලුවන්.

Work :- ජොබක් කරනවනම් ඒ ස්ථානයත් සේව් කරගන්න පුලුවන්.

Premium :- Full version එක සල්ලි දීලා ගන්න පුලුවන් ( කවු ඕව සල්ලි දීලා ගන්නෙ නෙට් එකෙන් සර්ච් පාරක් දාලා ගනිම්..😂)

Settings :- සිතියමේ ඇප් එකේ පෙනුම එහෙම වෙනස් කරගන්න අදාල සැකසුම් කරගන්න පුලුවන්.

කැමතිනම් ට්‍රයි කරලා බලන්න වටින ඇප් එකක් විශේෂයෙන් පාර අමතක වෙන උන්ට..මං වගේ 😂😂..




1 comment: