Wednesday, December 28, 2016

Mobile Phone's Malwares (Sinhala)


ෆෝන් වලට Malwares බලපානවද? එහෙනම් ඒ මොනාද?




ගොඩක් අය කියන්නෙ මේවට Virus කියලා හැබැයි කුලකයක් වශයෙන් ගත්තොත්. වයිරස් නෙමෙයි මේකෙ ප්‍රධාන කුලකය... ප්‍රධාන කුලකය තමයි මැල්වෙයා (Malware) මේකෙ උප කුලක තමයි ඔය කියන වයිරස්, ඇඩ්වෙයා, වර්ම්ස්, ස්පයිවෙයා, කි ලොගර්, ඩයලර්,... කියන ඒවා.

මැල්වෙයා එකක් කියන්නේ සරලව පරිගණකයකට හෝ වේවා ජංගම දුරකතනයකට හෝ වේවා අනිසි බලපාන්න පුලුවන් අනවශ්‍යය මෘදුකාංගයක්.

පරිගණකයට නම් මේවා බලපානවනෙ ඒක හැමෝම දන්නවා ඒත් ෆෝන් වලට මේවා බලපාන්නැ කියල ගොඩක් අයගෙ මතයක් තියෙනවා. ඒක වැරදි. අත්දැකිමෙන් වුනත් මාත් ඒ වගේ කරදර වලට මුහුණ දිල තියෙනවා. ගොඩක් වෙලාවට  අපේ අය දකින්නෙ ඇඩ්වෙයා විතරයි.. එහෙම නැත්තන් Ads කිව්වම තේරෙයි... ඇප් එකක් Open කරාම ඩේටා ඔන් කරගෙන එක එක වර්ගයේ ඇඩ්ස් එනවා අරක ගන්න කියයි මේක ගන්න කියයි කරදර ගොඩයි. ඉතින් මේක විතරද Malware එකකට තියෙන්නෙ.

ප්‍රධාන වශයෙන් අපේ අයට පැහැදිලිව අත්විදින්න වෙන්නෙ මේ කරදරේට වුනාට ඔයාගෙ ෆෝන් එක එකපාරටම Slow වෙනවද, එකපාරට soft reboot (ඉබේ restart) වෙනවද? නිකන්ම ඇප් ඉන්ස්ටෝල් වෙනවද? හිතාගන්න බැරි විදියට ඇප්ස් හිරවෙනවද? ඔන් වෙන්න වෙලා ගන්නවද? කවුරුහරි ඔයා‍ගෙ gmail එකට ඇතුල්වෙනවද? එහෙනම් ඔයා හිතනවද adware විතරයි තියෙන්නෙ වයිරස්, Spyware, dialor නැ කියලා?


දුරකතතන වලට  බලපාන මැල්වෙයා කිහිපයක්..


#1 Ransomeware


අපේ ෆෝන් එක වෙන කෙනෙක අත්පත් කරගැනිකම් තමයි මේකෙදි වෙන්නෙ. ඒ පුද්ගලයා අල්ලපු ගෙදර කෙනෙක් වෙන්නත් පුලුවන් නැත්තන් ඇමෙරිකාවෙ කෙනෙක් වෙන්නත් පුලුවන්. මේකෙදි ෆෝන් එක ලොක් කිරිමක් තමයි ඒ පුද්ගලයා කරන්නෙ ආපහු තමන්ගෙ දුරකතනය ලබාගන්න නම් ඔහුට credit card මගින් ගෙවන්න සිදුවෙනවා.

#2 අනුදැනුමකින් තොරව ඇප්ස් ඉන්ස්ටෝල් වීම.




අපි නොදැනුවත්වම විවිධාකාරයේ ඇප්ස් ඉන්ස්ටෝල් වීම තමයි මේකෙදි වෙන්නෙ. ගොඩක් වෙලාවට මේ ඉන්ස්ටෝල් වෙන ඇප්ස් පවා හානිකර ඒවා.

#3 ෆෝන් එක ඉබේ ඔෆ් විම.


අපි ෆෝන් එකේ වැඩ කර කර ඉන්න ගමන් එකපාරටම ඕෆ් වෙනවනම් ඒක මැල්වෙයා එකක බලපැමක්.

#4 Installer Hijacking 


Play store නොවන alternative market වලින් ගන්න ඇප් අපේ ෆෝන් එකේ ඉබේ ඉන්ස්ටෝල් වෙනවා permission වුනත් ඉබේම දෙනවා. මේවා ඔපන් කරාම විවිධාකාරයෙ වෙබ් අඩවි වලට යොමු කරනවා. ඒ මගින් පුලුවන් ෆෝන් එකේ තියෙන ඩේටා අරගන්න ඒවා කියවන්න ඒ වගේම අහිතකර ඇප්ස් ඉන්ස්ටෝල් කරන්න පවා පුලුවන්.

#5 keylogging 


නොදන්න වෙබ් සයිට් වලට ගිහින් අපේ ඉ මේල් පාස්වර්ඩ් එහෙම ටයිප් කරන්න කියනව මොකක්හරි වැඩකට හිතන්න coc ගේම් එකේ gem ගන්න කියල සයිට් එකක් තියෙනවා ඒකට ගියාම අපිට කියනවා තමන්ගෙ ඉ මේල් එකයි පාස්ව්ර්ඩ් එකයි දෙන්න කියලා gem ලබාදෙන්න මේක වෙන්නැති දෙයක්. මේකෙන් වෙන්නෙ තමන්ගෙ ඉ මේල් එකයි පාස්වර්ඩ් එකයි වෙන කෙනෙක්ට යවන එක. ඒකදි ඒ කෙනාට පුලුවන් අපේ ඉ මේල් එකට ඇතුල් වෙන්න. හරි ආරක්ෂාවක් තියෙනවනම් ඉතින් ඒක අමාරුයි නමුත් අවාසනාවකට අපේ ගොඩක් අය නොදැනුවත්වම මේවට අහුවෙනවා. ඒකනෙ තාමත් group/page වල coc hack කරන විදිය අහන්නෙ.

මේ වගේ තව ගොඩක් ඒව තියෙනව බලන්නකො

Accutrack :-ෆෝන් එක gpa tracker එකක් බවට පත්කරයි

Ackposts :- ෆෝන් එකේ contact information සොරාගෙන යන කෙනෙක් වෙත යවයි.

Acnetdoor :- තමන්ගෙ ip address එක සොරාගෙන වෙන කෙනෙක් වෙත යවයි.

Aurpush :- නිතර නිතර ads පෙන්වයි.

Anserver :- පොෟදගලික තොරතුරු සොරාගනි.

Av pass :- secirity patch කර දුරකතනයට හානි කරයි.

Back Falsh/crosate :- ෆෝන් එකේ පොෟද්ගලික දත්ත වලට හානි කරයි.

තව ගොඩක් තියෙනවා 😐😐 නම් විතරක් කියන්නම්.

Biige
Booster
Boxer
Cajino
Carberp
Cawitt
Cellspy
Chulli
Code4hk/xRat
Coogos
Copycat
Cosha
Counterclank
Crusewind
Dogowar
Dougalek
DroidDeluxe
DroidDream
DroidDream Light
DroidJack
Droidkungfu
DroidSheep
DsEncrypt
Extension/Monad
FaceNiff
FakeAngry
FakeApp.AL
FakeAV
FakeBank
FakeDaum
FakeDefender
FakeDoc
FakeFlash
FakeInst
FakeJobOffer
FakeMarket
FakeMart
FakeNefix
FakeNotify...තව 100 විතර තියෙනව 😖😖😓

මෙහෙම මැල්වෙයා එකක් අාවොත් හදුනගන්නෙ,ආරක්ෂා වෙන්නෙ?



අපේ ෆෝන් එක කලින් කිව්ව වගේ slow නම් නොදන්න ඇප්ස් ඉබේ ඉන්ස්ටෝල් වෙලා නම් අනවශ්‍ය විදියට ඩේටා කැපෙනවනම්
අනවශ්‍ය ෆයිල් ඇවිත් sd එක පිරිල නම්
තමන්ගෙ ඉ මේල් එකට වෙන කෙනෙක් ඇතුල් වෙනවනම්.

එතනදි ඔ‍යා/ෆෝන් එක අනතුරෙ.

කොහොමද මේවගෙන් බේරෙන්නෙ..

#1 internet secuirity ඇප් එකක් ඉන්ස්ටෝල් කිරිම.


මේ ගැන වැඩි දෙයක් කියන්න ඔන නැ ගොඩක් අය දන්නවා ඉන්ටර්නෙට් සිකියුරිටි එකක් කරන්නෙ මොකක්ද කියලා..මේකට Avast තමා හොදම. ෆෝන් එක high end නම් kaspersky දාගත්තට වරදක් නැ

Avast Download

Kaspersky Download

#2 නොදන්න වෙබ් අඩවි වලින් ඉවත් විම.

අපි දන්නෙ නැති වෙබ් සයිට් වලින් ඇත් වෙන්න ඔන එතනදි අපේ web browser එන අපිට අනතුරු අගවනව නම් යන්න එපා කියල ඒ සයිට් එකට නොයා ඉන්න.

#3 නොදන්න ඇප්ස් ඉන්ස්ටෝල් නොකිරිම.

දන්නැති playstore වලත් නැති ඇප්ස් ගන්නවනම් ප්‍රවේසමෙන්.

#4 gmail / facebook secuirity settings සැකසිම.

තමන්ගෙ ගිණුම්වල ආරක්ෂාව ගැන තමන්ට සැහිමකට පත් වෙනකම් ඒකෙ secuirity settigs හොදින් සකසල තියාගන්න.

#4 cleaner එකක් භාවිතා කිරිම.


Junks, caches වගේ අනවශ්‍ය ලෙස එකතුවෙන ඩේටා  අයින් කරල තියාගන්න ඒක sd card එක අනවශ්‍ය විදියට පිරෙන එක වලක්වගන්න පුලුවන්.

දැන් තේරුනානෙ මේවා බලපානවද, කොහොමද ගැලවෙන්නෙ කියලා..එහෙනම් තවත් ලිපියකින් එන්නම්. 🙋🙋

Monday, December 12, 2016

Screen Overlay Detected Fix (Android 6)

Screen Overlay Detected හදමු


මේක Written Tutorial වලින් දෙන්න බැරි නිස‍ා පොඩි විඩියෝ එකක් (28MB 360p) කරා. ඒක බලලා හදාගන්න ගැටලු තියෙනවනම් කමෙන්ට් කරන්න.


Posted By
DanuX

Download Youtube Mod App

Youtube වීඩියෝ Youtube එකෙන්ම ගමු (Youtube Mod App)




ගොඩක් වෙලාවට අපි යු ටියුබ් විඩියෝ ගන්නෙ Tubemate, Vidmate වගේ ඇප් එකකින්. නැත්තන් Youtube වෙබ් අඩවියෙ අදාල විඩියෝවෙහි ලින්ක් එක වෙනස් කරලා (ss අකුරු දෙක ලින්ක් එක මුලට දාලා) En saveform එකෙන්. එහෙම නැතුව Youtube ඇප් එකෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්නම් හරිම පහසුවෙන් විඩියෝ බාගන්න පුලුවන්.



     මේක යු ටියුබ් ඇප් එකේ Mod එකක්. නම UGYoutube මේක Youtube ම තමයි
හැබැයි අපිට මේකෙන් Videos විවිධාකාරයේ Qualities වලින් බාගන්න පුලුවන් හැකියාව තියෙනවා ඒ වගේම Videos නොබලා Music එක විතරක් ප්ලේ වෙන්න හදන්නත් පුලුවන් එතකොට අපිට Music අහන ගමන් Phone එකේ වෙන වැඩක් කරන්න වුනත් පුලුවන්.

මෙතනින් ඇප් එක බාගන්න 22MB Download
මෙතනින් ඇප් එකට අවශ්‍ය Plugin එක බාගන්න (අනිවා බාගන්නම ඕනෙ) (2.5MB) Download

**ඇප් එකයි Plugin එකයි දෙකම අනිවා ඕනෙ මේකට**

ගැටලුවක් වෙතොත් කමෙන්ට් කරන්න..

Posted By
DanuX



10 Upcoming Smart Phones In 2017


Top 10 Upcoming Phones With Specs (ලබන අවුරුද්දේ එන සුපිරි Phones 10 විස්තර සමඟ)




ලබන අවුරුද්දට තව වැඩි දවසක් නැ ඉතින් හිතුවා ඔයාට 2017 ඒ කියන්නෙ ලබන අවුරුද්දේ එන්න තියෙන සුපිරි Android/Apple Phones ටිකක් ගේන්න Specifications එක්කම..වැඩි කතා ඕන නැ බලන්නකො..👇👇

#1 Apple IPhone 8


  • 5.8-inch 2K AMOLED curved edge display
  • No home button and no bezels
  • iOS 11 OS
  • Apple A10/A11 Chipset
  • 4GB RAM
  • Fingerprint Sensor
  • Dual Camera16MP & 12MP rear camera and 8MP front-facing camera
  • Li-Po 3000 mAh Non-removable battery

#2 Samsung Galaxy S8


  • Display – QHD 5.5-inch 2K, 90% Screen-to-Body Ratio
  • Processor –Snapdragon 835 / Exynos 8895 chipset
  • RAM – 6GB
  • GPU – Mali-G71
  • Internal Storage – 64GB / 128GB
  • Primary Camera – 12MP 
  • Front Camera – 8MP
  • Type C USB port
  • Fingerprint scanner
  • Advanced Iris ScannerBattery – 3450 mAh

#3 Xiaomi MI 6


  • QHD 2K Super AMOLED display
  • Qualcomm Deka core Snapdragon 835 processor
  • 6GB RAM/8GB RAM
  • Snapdragon chipset4G VoLTE network support
  • 5000 mAh non-removable battery
  • 16MP & 12MP Dual Rear Camera and 13MP front-facing camera
  • Corning Gorilla Glass 5 protection

#4 HTC 11


  • 5.5-inch 2K Display
  • Octa-core Snapdragon 835 chipset
  • 12-megapixel rear camera/ Dual Camera
  • 8-megapixel front-facing Camera
  • 4/6 GB RAM
  • BoomSound stereo speakers
  • Water resistant technology
  • Fingerprint Sensor

#5 Samsung Galaxy Note 8


  • 5.7-inch Quad HD Super AMOLED curved dual edge display
  • Corning Gorilla Glass 5 protection
  • 64 bit Octa-Core 14 nm Exynos 8890 processor or Quad Core Snapdragon 835 processor
  • 8GB LPDDR4 RAM
  • 64GB (UFS 2.0) internal memory
  • External memory up to 256GB with microSD
  • Android 6.0.1 Marshmallow
  • 12-megapixel rear camera with LED Flash, Smart OIS, f/1.7 aperture, dual-pixel PDAF
  • 5-megapixel front camera, f/1.7 aperture
  • IP68 ratings water and dust resistance
  • Fingerprint sensor, Heart rate sensor, Iris scanner, Barometer
  • S Pen stylus
  • Single SIM/Dual SIM
  • 4G LTE Cat.12, Bluetooth 4.2 LE Wi-Fi 802.11ac (2X2 MIMO), USB Type-C, NFC
  • 4000 mAh battery with fast charging

#6 One Plus 4


  • 5-inch Full HD Display (1920×1080 pixels)
  • Quad-Core 64-bit Snapdragon 835 processor
  • 6GB/8GB LPDDR4 RAM
  • Adreno 530 GPU
  • 64GB/128GB internal memory
  • Android 7.0 Nougat based on Oxygen OS
  • 21MP rear camera with dual-tone LED flash, OIS, Laser AF and 4K video recording support
  • 8-megapixel front Camera
  • Dual SIM
  • Fingerprint sensor
  • 4G LTE with VoLTE, Bluetooth 4.2, WiFi 802.11 a/b/g/n/ac dual-band (MIMO), NFC, GPS, USB Type-C

#7 Oppo Find 9


  • 5 inch 2K Display
  • Qualcomm’s Snapdragon 835 processor
  • 6 GB RAM
  • 21 MP Exmor rear camera and 8 MP front camera
  • 64GB of inbuilt memory
  • Fingerprint sensor
  • Fast charging support

#8 Zony Xperia Z9


  • Qualcomm 821 chipset
  • Octa Core processor 3GHz
  • 4 GB RAM
  • 2-inch IPS display with a resolution of 1080 x 1920
  • Touch ID
  • Fingerprint sensor
  • Eye scanner
  • 32 GB internal storage
  • Shockproof, waterproof and dustproof
  • Fast charging battery

#9 Microsoft Surface


  • 4GB RAM
  • 64GB/128GB internal storage
  • Expandable storage up to 256GB with MicroSD
  • Intel Atom x3 (SoFIA) 64-bit processor
  • Windows 10
  • 21MP rear camera with PureView Zeiss 6-lens and 8 MP front camera
  • 5.5-inch AMOLED display with 2560 x 1440 pixels resolution
  • ClearBlack Gorilla Glass 4 protection
  • USB Type-C connector and wireless charging

#10 LG G6


  • 4/6GB RAM
  • 64GB/128GB internal storage
  • Expandable storage up to 256GB with MicroSD
  • Qualcomm Snapdragon 835 processor
  • Android N Nutella
  • 16MP Dual Rear Camera
  • 8MP front camera with LED Flash
  • 4000mAh battery
  • Fingerprint sensor

ලබන අවුරුදුද්දෙ සුපිරි Phone එකක් මිලදි ගන්න ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි. පෙසේට් එක ගැන අදහස් පහළින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා...

(RayArena අඩවියෙනි)

Posted By
DanuX


Sunday, December 11, 2016

Tips To Reduce Data Usage

අනවශ්‍ය විදියට Data කැපෙන එක අඩු කරමු



අද ගෙනාවෙ සමහර අයට ලොකු ගැටලුවක් වෙලා තියෙන කාරණාවක්. මගේ Phone එකේ ඩේටා කැපෙනවා වැඩියි ඩේටා කාඩ් එක උදේ දැම්මම ඊලඟ දවසෙ ඉවරයි 😔... ඉතින් ඔය ප්‍රශ්ණෙ අඩු කරගන්න මේ ක්‍රම 5 ලොකු උදව්වක් වෙයි.

#1 Auto Update Apps Disable කිරීම.





Play Store වල Auto Update  Option එක ගොඩක් වෙලාවට තියෙන්නෙ Over Wifi Only. නමුත් සමහර විට On වෙලා තියෙන්න පුලුවන් ඒක Play Store වල Settings වලින් Disable කරන්න. හැබැයි මාසෙකට සැරයක් හරි App ටික Update කරන්න වගබලාගන්න.

#2 Galaxy දුරකතන වල App Store හි Auto Update ද Disable කිරිම.





Galaxy දුරකතන වලට එන Store එකේ Apps Auto Update විමෙනුත් අනවශ්‍ය විදියට Data කැපෙන එක අඩුකරගන්න පුලුවන්.
     ඔයා තවත් මේ වගේ Blackmarket, Moboginie වගේ Stores ඉන්ස්ටෝල් කරල තියෙනවනම් ඒවගෙත් Auto Update අයින් කරන්න.

#3 Background Data අනවශ්‍ය Apps සඳහා Disable කිරිම.







App එකක් අපි Open කරන්න කලින් වැඩ කරල Data භාවිතා කරනවනම් හෝ මොනයම් හෝ දෙයක් කරනවනම්  ඒ App එක Background Run වෙනවා කියලා කියනවා. ඒකෙන් Data භාවිතා කරනවනම් අනවශ්‍ය විදියට Data කැපෙන්න පුලුවන් ඒකට Settings වල තියෙන Data Usage හි Background Data මගින් අනවශ්‍ය Apps අයින් කරන්න.

#4 Facebook Lite App එක භාවිතා කිරිම.

Facebook Lite App එකේ Data Usage ගොඩක් අඩුයි. ඒ නිසා ඒ App එකෙන් Facebook භාවිතා කරන්න.

#5 Speed Meter එකක් භාවිතා කිරීම.





Speed Meter මගින් අපේ දුරකතනයෙ Status Bar එකේ Data Speed එක පෙන්වනවා අපි මුකුත් නොකරන වෙලාවටත් Speed එක වැඩියෙන් පෙන්වනවනම් අපිට දැනගන්න පුලුවන් අනවශ්‍ය විදියට Data කැපෙනවද නැද්ද කියලා. Cpu x/Speed Meter මේ වැඩේට හොද Apps වෙනවා.

Download Speedmeter

Download CPU X

කොහොමත් Phone එකක Reset කරාට පස්සෙ දවසක් විතර Data කැපෙනවා වැඩි වෙයි. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා.

මං හිතනවා ‍මේ ක්‍රම 5 ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා Data කැපෙන එක අඩුකරගන්න. ලිපියෙ ගැටලු තියෙනවනම් හෝ ලිපිය වැදගත් වුනානම් කමෙන්ට් එකක් දාගෙන යමු..

Posted By
DanuX

Saturday, December 10, 2016

Mobile Phones Batteries Explain In Sinhala

ජංගම දුරකතන බැටරියෙ කතාව..



අපි කා ලගත් තියෙන ජංගම දුරකතන වල බැටරිය ගැනයි ටිකක් කතා කරන්න යන්නේ. කෙටි පැහැදිලි කිරිමක් නිසා සරලව ඔයාගෙ දැනුමට යමක් එකතු කරගන්න පුලුවන් වෙයි මේ ලිපියෙන්.
      බැටරිය කියන්නේ දුරකතනයේ බල අවශ්‍යතාවය සපුරන කොටස බැටරියෙ අඩංගු බලයෙන් තමයි දුරකතනයෙ සියලුම ක්‍රියා වලට ශක්තිය සපයන්නෙ. කොහොම වුනත් දුරකතනයේ ප්‍රමාණය හා බල අවශයතාවය මත පදනම්ව නිෂ්පාදකයා විවිධ වර්ග වලින් විවිධ ප්‍රමාණ වලින් හා විවිධ  ධාරිතා  වලින් බැටරි නිපදවනවා.
    
 බැටරියේ ධාරිතාවය මනින ඒකය වන්නේ mAh ඒකෙ තේරුම තමයි පැයකට මිලි ඇම්පියර් ප්‍රමාණය 3000mAh බැටරියක් ගත්තොත් පැයකට වැය වන්නේ මිලි ඇම්පියර් එකක් නම් පැය 3000ක කාලයක් තබාගන්න පුලුවන්..

ජංගම දුරකතන බැටරි වර්ග...


ප්‍රධාන වශයෙන් මම මෙතන බැටරි වර්ග පහක් ගැන සරලව කියලා දෙන්නම්.

1 Lithium Ion Battery (ලිතියම් තාක්ෂණයෙන්) (ලිතියම් අයන්)


01 Specific energy ( විශේෂිත ශක්තිය)

100–265 W·h/kg (0.36–0.875 MJ/kg)

03 Energy density (ශක්ති පරාසය/ඝනත්වය)

250–676 W·h/L (0.90–2.43 MJ/L)

05 Specific power (වි‍ශේෂිත බලය) :- ~250-~340 W/kg

06 Charge/discharge efficiency (ආරෝපණ/විසර්ජන කාර්යක්ෂමතාවය) :- 80–90%

07 Energy/consumer-price (ශක්ති පරිභෝජන/පාරිභෝගික වියදම/මිල) :- 2.5 W·h/US$

08 Self-discharge rate (ස්වයං විසර්ජන අනුපාතය) :- 8% at 21 °C /15% at 40 °C / 31% at 60 °C(per month)

09 Cycle durability (කල්පැවැත්ම) :- 400–1200 cycles

10 Nominal cell voltage ( කෝෂයක වැඩකට නැති වෝල්ටියතාවය😁) :- NMC 3.6 / 3.85 V, LiFePO4 3.2 V


මේ බැටරිය තමයි අපි ගොඩක් දෙනා භාවිත කරන දුරකතන වල තියෙන්නෙ. මිලෙන් අධික බැටරියක් මෙන්ම ඉහළ ආරෝපණ හා ගබඩාකර තබා ගැනිමේ හැකියාවක් තියෙනවා. විවිධ ප්‍රමාණ වලින් තියෙනවා ඒ වගේම විවිධ ධාරිතාවලින්..ගොඩක් අයගෙ මතයක් තියෙන‍වා Phone එකේ සම්පුර්නයෙන් බැටරිය බැස ගියාට පස්සෙ චාර්ඡ් කරන්න ඕන එහෙම නැත්තන් බැටරිය‍ෙ ආයුකාලය අඩු වෙනවා (Memory Efect) කියලා නැ එහෙම එකක් මේ ලිතියම් අයන් බැටරියට නෑ. හැබැයි ලිතියම් අයන් පැරණි දුරකතන වලට භාවිතා කරන්න බැ.

02 Lithium Polymer (ලිතියම් පොලිමර්)



01 Specific energy :- 100–265 W·h/kg(0.36–0.95 MJ/kg)

02 Energy density :- 250–730 W·h/L(0.90–2.63 MJ/L)

03 Nominal cell voltage :- 3.3 V, 3.7 V, depending on chemistry (රසායන ද්‍රව්‍ය අනුව)


මේ බැටරියත් ලිතියම් අයන් වගේම බැටරියක් නමුත් අනෙක් බැටරි වලට වඩා 40% ගුණයක් වැඩියෙන් ආ‍රෝපණ ගබඩා කර තබාගැනිමේ හැකියාවක් තිබෙනවා. ඒවගේම බැටරිය සම්පුර්ණයෙන්ම විසර්ජනය වෙන්න අවශ්‍ය නැ ආරෝපණය කරන්න (Memory Effect එක නැ) ඒ නිසා බැටරි හායනය අඩුයි. මේ බැටරිය ආවරණය කරන්නෙ ප්ලාස්ටික් විශේෂයකින්  ගොඩක් වෙලාවට Power Bank වලට යොදාගන්නවා,

03 Nickel Cadmium (නිකල් කැඩ්මියම්)


01 Specific energy :- 40–60 W·h/kg

02 Energy density :- 50–150 W·h/L

04 Specific power :- 150 W/kg

05 Charge/discharge efficiency :- 70–90%

06 Self-discharge rate :- 10%/month

07 Cycle durability :- 2,000 cycles

08 Nominal cell voltage :- 1.2 V


නිකල් කැඩ්මියම් බැටරියට නම් ඔන්න Memory Effect එක තියෙනවා. ඒ නිසා බැටරිය සම්පුර්ණයෙන් බැස යනකම් ඉන්නෙතුව චාරඡ් කිරිම බැටරියට බලපානවා. (ආයුකාලයට ‍හා Baattery Capacity (ධාරිතාවයට)  ඒ වගේම නිකල් බැටරිය නිපදවන්නෙ විස රසායන ද්‍රව්‍ය වලින් ඒ නිසා පරිසර හිතකාමි නැ ක‍ොහොම වුනත් දැන් දුරකතන නිෂ්පාදකයින් මේ බැටරිය යොදාගන්නැ දුරකතනය‍ේ බැටරිය සඳහා.

04 Nickel Metal Hydride (නිකල් මෙටල් හයිඩ්‍රයිඩ්)

01 Energy density :- 140–300 Wh/L

02 Specific power :- 250–1,000 W/kg

03 Charge/discharge efficiency :- 66%

04 Self-discharge rate :- 13.9–70.6% at room                 temperature 36.4–97.8% at 45 °C

05 Low self-discharge :- 1.3–2.9% at 20 °C
     (per month)

06 Cycle durability :- 500–2000 cycles

07 Nominal cell voltage :- 1.2 V


කැඩ්මියම් (03) බැටරියක විශාලත්වය ගන්නවා හැබැයි කැඩ්මියම් වලට වඩා දෙගුණයක් ශක්තිය ගඩබා කරගන්න පුලුවන් පරිසර හිතකාමි මෙන්ම විෂ රසායන ද්‍රව්‍ය අඩංගු කරලා නැ ඒ වගේම දුරකතන තාක්ෂණයටත් ඔර‍ොත්තු දෙනවා Memory Efect එක තිබිම හා කහිප වතාවක් ආරෝපණය කරාට පසුව ව‍ෝල්ටියතාවය පහත වැටීම අවාසි වෙනවා. කොහොම වුනත් මේ බැටරි ගොඩක් දෙනා භාවිතා කරනවා

05 The New Lithium technology (නව ලිතියම් අයන් තාක්ෂණය)



මේක තම‍ා දුරකතන බැටරියේ අනාගත තාක්ෂණය...සාමාන්‍ය ලිතියම් අයන් බැටරියට වඩා 1000 ගුණයක් බලවත් ඒ වගේම ආරෝපණය කරන්න යන්නෙ තත්ත්පරයක් වගෙ කාලයක්..ඒ නිසා දුරකතනයේ ලොකු පෙරළියක් අපේක්ෂා කරන්න පුලුවන්...

බැටරියක් මිලදි ගැනිමේ ආකාර..😐

1 OEM Batteries ( Original Equipment Manufacturer)
2 Non OEM Batteries (Non Equipment Manufacturer)

#OEM Batteries කියන්නේ දුරකතන නිෂ්පාදකයා විසින් නිකුත් කරන නියම තත්ත්වයේ බැටරි වලට වොරන්ටියට කිසිම හානියක් වෙන්නැ මේ වර්ගයේ බැටරියක Replace කර‍ොත් 😍

#Non OEM Batteries කියන්නෙ ඒකෙ අනිත පැත්ත වෙනත් සමාගමක විසින් නිකුත් කරන බැටරි මේ බැටරි විටෙක දුරකතනයට හානිකර හෝ ඉහළ ගුණාත්මකභාවයක් නැති බැටරි වෙන්න පුලුවන්. වොරන්ටිය ගැනත් වගකිමක් දරන්න බැ..😖

ඉතින් බැටරියක් මිලදි ගන්නවනම් OEM බැටරියක් මිලදි ගැනිමට වගබලාගන්න..😉

ලිපියේ ගැටලු තියෙනවනම්  අදහස් උදහස් එහෙම තියෙනවනම් කමෙනට් එකක් දාගෙන යන්න..😕

(From Wikipedia & E bay😚😚)

Posted By
DanuX

Nokia Is Back (නොකියා නැවත කරළිියට)

 Nokia පුනරාගමනය


Nokia සමාගම නැවත දුරකතන නිෂ්පාදනයේ කරළියට පැමිණ තිබෙනවා ඒ 2017 නිකුත් වීමට නියමිත ස්මාර්ට් ජංගම දුරකතනය නිසා ඉතින් මේ ගැන ටිකක් හොයල බැලුවා..බලපුවාගෙන් ටිකක් කියන්නම්..



Nokia සමාගම‍ේ ආරම්භ වර්ෂය 1987 ආරම්භයෙන් අවුරුදු 11 ගියාම ඒ කියන්නෙ 1989 දි Nokia සමාගම ලොකයේ හොදම ජංගම දුරකතන සමාගම වෙනවා හැබැයි Nokia 2011 වර්ෂයේදී කඩාවැටිමට ලක් වෙනවා ඒකට හේතුව තමයි Android මෙහෙයුම් පද්ධතිය හා Iphone එක.

ඊට පස්සෙ Nokia සමාගම තාවකාලිකව අයිතිය Microsoft සමාගමට දෙනවා ඊට පස්සෙ 2014 දී සම්පූර්ණයෙන්ම Nokia සමාගම දුරකතන නිෂ්පාදනයෙන් ඉවත් වෙනවා. ඉන් පසුව ආවෙ Nokia Lumia දුරකතන Microsoft Windows මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්විලා. පසුව සන්නිවේදන උපකරණ වෙතට Nokia හි අවධානය යොමු වෙනවා.

කොහොම වුනත් 2017 දී Microsoft ලට දිපු අයිතිය කල් ඉකුත් වෙනවා ඒ කියන්නෙ ඉවර වෙනවා.. ඔන්න ලබන අවුරුද්ද තමා අවුරුද්ද...😍 Nokia නැවත පණ ලබන්න.


Nokia සමාගමේ අලුත්ම ජංගම දුරකතනය නිපදවන්නෙ Nokia සමාගම නෙවෙයි HMD හා හා Iphone නිපදවන සමාගමක් වන FIH සමාගම. ඒ Android 7 හෝ 6 සමගින් බලගැන්වෙමින්. නමුත් Nokia සමාගමත් මේ වැඩේට සම්බන්ධ වෙලයි දුරකතනය නිපදවන්නෙ..

මේ දුරකතනයේ හරි Photo එකක්වත් නමක්වත් එළියට ඇවිත් නෑ හැබැයි Code Names නම් තියෙනවා එකක්  D1C අනික P1 කොහොම වුනත් හරියටම ඒක දැනගන්න ටික කාලයක් යයි.

මේ දුකරතනය සුපිරි ස්මාර්ට් දුරකතනයක් වෙනවා නියතයි. ඒ නිසා මිලදී ගන්න දැන්ම ප්ලෑන් කරන්න...😉😉

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)

Posted By
DanuX

Tuesday, December 6, 2016

10 Android Optimizing Tips (සිංහලෙන්)


10 speed up tips..


ඔයාගෙ phone එක ස්ලෝ නැතුව හුග කාලයක් භාවිතා කරන්න නම් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි. මේ ලිපියෙන් ඔයාට ක්‍රම දහයක් දෙනවා ඒ වැඩේ කරන්න හරියට කරොත් ගොඩම තමයි 😁😁

Phone එක ස්පීඩ් කරමු


#1 අනවශ්‍යය ඇප්ස් අන්ඉන්ස්ටෝල් කිරීම

අනවශ්‍ය ඇප්ස්?? ඒ මොනාද?? අනවශ්‍යය ඇප්ස් කියන්නෙ එක්කො එකම වැඩෙි කරගන්න දෙක තුනක් ඇප්ස් ඉන්ස්ටෝල් කරල තියනවනම්.. ඇප් එකෙ ගොඩක් Ads තියෙනවනම් ඒ ඇප් එක දැම්මම phone එක ස්ලෝ නම් ඒක අනවශ්‍යයි ඉතින් කරන්න ඕන දේ තමා එහෙම ඇප්ස් Uninstall කරන එක..
   
 #2 ඇප්ස් Disable කිරීම

  තවත් ඇප්ස් තියෙනවා ඒව‍ා Uninstall කරන්න බෑ හැබැයි Disable කරන්න පුලුවන්. System ඇප්ස් ගොඩක්ම මේ විදියයි ඉතින් ඔයාට අවශ්‍ය නැත්තන් ඒ ඇප් එක Disable කරන්න එතකොට ඔයාගෙ Home Screen එකෙන් ඒක අයින් වෙලා යනවා ආපසු Enable කරගන්න පුලුවන් Settings වලින් Disable කරපු විදියටම

#3 Lightweight ඇප්ස් (අඩු Ram එකක් Storage Space එකක් අරගන්න ඇප්ස්) ඉන්ස්ටෝල් කිරීම..
ඔයා ගොඩක් Social Media, Internet භාවිතා කරනවනමි ඒවට එන ඇප්ස් වලින් Lightweight ඇප්ස්  භාවිතා කරන්න මොකද ඒ ඇප්ස් ගොඩක් රැම් එක භාවිතා කරනවා. (Facebook,Messenger,Chrome) මේවට විසඳුම් විදියට ඒ ඇප්ස් අයින් කරල හෝ Disable කරලා ඒ ඇප්ස් වල Lite ඇප්ස්  යොදාගන්න පුලුවන්. (Facebook Lite, Messenger Lite, UC Browser, Opera mini)

#3 Lightweight Virus Guard එකක් ඉන්ස්ටෝල් කිරිම

Phone ස්ලෝ වෙන්න තව හේතුවක් තමයි මැල්වෙයා.. මැල්වෙයා වලට තමා වයිරස්,ඇඩ්වෙයා,කී ලොගර්ස් වගේ ඒවා අයිති වෙන්නේ..ඉතින් හොද තත්ත්වයේ අඩු ධාරිතාවයක් අවශ්‍ය වන වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කිරීමෙන් මැල්වෙයා ප්‍රශ්ණෙට විසදුමක් ගන්න පුලුවන්. Kaspersky තමා දැනට හොදම වයිරස් ගාඩ් එක හැබැයි ඒක ගොඩක් රැම් එක බාවිතා කරනවා ඒ නිසා ඔයා කැස්පස්කී දානවානම් රැම් එක 2GB වගේ තියෙන Phone එකක් ඔයාට තියෙන්න ඕන..නැත්තන් අවාස්ට් භාවිතා කරන්න.

Avast Virus Guard :- Download
Eset Secuirity :- Download

#4 Developer Option වල Transition Disable කිරීම හෝ අගය 0.5 දැමීම..
මේ ගැන පොස්ට් එකක් වෙනම දාලා ඇති ඒක මෙතනින් බලලා වැඩේ කරන්න පුලුවන් ඒ වගේම Developer Option වලින් ගන්න පුලුවන් වැඩ ගොඩක් ඒකෙ දාලා ඇති. මෙතනින් යන්න

#5 Junk Files ඉවත් කිරීම

Phone එක‍ේ කාලයක් යද්දි අනවශ්‍ය ෆයිල්ස් (Logs,Cached memorys,images) ගොඩගැහෙනවා ඒවා ඩිලිට් කරාම අපේ Storage එක වැඩි වෙනවා වගේම Phone එකත් Speed වෙනවා. මේ වැඩේට Cleaner ඇප්ස් ගන්න පුලුවන් ( 360 Security, ES File Manager)

#6 හොඳ තත්ත්වයේ SDCard/Memory Card එකක් භාවිතා කිරීම.


ඔයාගෙ Phone එකට ලාභ Memory Card එකක් වෙනුවට හොඳ මට්ටමේ (Class 6 වත්) Memory Card එකක් දාලා බලන්න..හොදට Speed එකෙන් ඩේටා හුවමාරු වෙනවා. හොඳ මට්ටමේ Memory Card එකන් තෝරන්න මේ ලිපිය කියවන්න Read This

#7 Android Update කිරීම හා Apps Update කිරීම


ඔයාගෙ Phone එකේ Settings - About Device ගිහින් Software චෙක් කරල අලුත්ම අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරන්න. ගොඩක් අයගෙ වැරදි මතයක් තමයි අප්ඩේට් කරාම ස්ලෝ වෙනවා කියන එක. ඒක වැරදි Phone එක හදන අය ඒ අප්ඩේටස් එවන්නෙ මෙහෙයුම් පද්ධතියට නවාංග එකතු කරලා බග්ස් අඩු කරලා උපරිම කාර්යකෂමතාවයක් ලැබෙන විදියට ඉතින් ඇයි අපි අප්ඩේට් නොකරන්නෙ??.
     තව වැරැද්දක් තමයි ඇප්ස් අප්ඩේට් නොකර ගොඩගහගෙන ඉන්න එක නිකමටවත් බලන්න සතියකට සැරයක්වත් ඔයාගෙ Play store වල ඇප්ස් කොච්චර අප්ඩේට් වෙන්න තියෙනවද කියලා. ගොඩගැහෙන්න දෙන්න එපා ඒක ලොකු හේතුවක් වෙනවා Phone එක ස්ලෝ වෙන්න. ඒ නිසා එවාත් අප් කරල තියාගන්න.

#8 Custom Rom (කැමතිනම් විතරයි)


Custom Rom කියන්නෙ Official ඒ කියන්නෙ Phone එක හදන සමාගම හදන මෙහෙයුම් පද්ධතියක් නෙමෙයි ඒක වෙන කෙනෙක් හො කණ්ඩායමක් විසින් මෙහෙයුම් පද්ධතියෙ දෝෂ අඩු කරලා නවාංග එකතු කරලා තමයි හදන්නෙ ඔයාට කැමතිනම් මේකක් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. හැබයි හොදට දැනගෙන විතරක් කරන්න.

#9 Sync Off කිරීම

Phone එකේ E mail වගේ ඒවා ඔන්ලයින් බැකප් කිරීමක් තමයි මේකෙන් වෙන්නෙ ඔයාට අවශ්‍ය නැත්තන් මේක Settings - Accounts ගිහින් අයින් කරගන්න පුලුවන් එතකොට ඩේටා කැපෙන එකත් අඩු වෙනවා.

#10 Live Wallpapers භාවිතා නොකිරීම


Wallpapers වලට Live ඒවා දාන්නෙතුව Wallpaper එකක් දාන්න ඒකෙන් බැටරිය බහින එක වගේම Phone එන ස්පීඩ් වෙන්නත් උදව්වක් වෙයි.

#11 Widgets අඩු කරන්න..

Home Screen එකට දාලා තියෙන අනවශ්‍ය Widgets තියෙනවනම් අයින් කරන්න. ඒ වගේම Home එකේ ඇප්ස් පුරවගන්න එපා. අනවශළු ඒවා අයින් කරලා දාන්න ඒකත් උදව්වක් වෙයි Phone ස්පීඩ් වෙන්න.

ඔය වැඩ ටික හරියට කලොත් අනිවාර්යයෙනි වෙනසක් බලාගන්න පුලුවන්...ඉතින් කරලම බලන්න පොස්ට් එක හොදනම් ගැටලු තියෙනවනම් කමෙන්ටි එකක් දාන්නත් Share පාරක් දාන්නත් අමතක කරන්න එපා...😉😉

Pisted By

DanuX

Monday, December 5, 2016

Top 8 Apps For Hack Games Root Or Unroot


Top 8 Apps For Hack Android Games (Root Or Without Root )



ඇන්ඩ්‍ර‍ොයිඩ් ගේම්ස් හැක් කරන්න ගොඩක් දෙනා දන්නවා... මම මෙතන ගේම් හැක් කරන විදිය කියල දෙන්නෙ නෑ මොකද ගොඩක් දෙනා ඒ ගැන කියලා දෙනවා ඉතින් ඒ අයට හොඳ ඇප්ස් 8ක් මේ පොස්ට් එකෙන් ගෙනල්ලා තියෙනවා ගේම් හැක් කරන ගැන පොස්ට් එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න..ආ තව එකක් මේ එකකින්වත් ඔන්ලයින් ගේම්ස් නම් හැක් කරන්න බෑ 😒😒

ඇයි අපි ගේම් හැක් කරන්නෙ..


අපිට ගේම් එකේ Money/XP වගේ දේවල් වැඩි කරගන්න එතකොට ගේම් එක ලේසියෙන්ම ඉවර කරගන්න පුලුවන්.

තව එකක් නම් සල්ලි දීලා ගන්න තියෙන සමහර ගේම්ස් වල Licence චෙක් කරන එක නවත්තන්න ඒකෙන් පුලුවන් ගේම් එකෙන් අපිව  Banned කරන එක නවතතන්න.

ගේම් හැක් කරන ප්‍රධාන ක්‍රම දෙකයි..

1. In app purches Hack
2. Game memory Hack


ඔය දෙකෙන් පළවෙනි එක තමා ගොඩක් දෙනා කරන්නෙ..ඒ වගේම Licence Check Hack කිරීමත්..අනෙක් ක්‍රමේ තමයි ගේම් එකේ Memory hack කිරීම ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක්. සමහර ඇප්ස් වලට මේ වැඩේ කරන්න ඔයාගෙ Phone එක Root කරල තියෙන්න ඕනෙ..Root කරල නැත්තන් Cree Hack App, LeoPlay Card App, AppSara තමා..
__________________________________________DanuX

 For App Purches Hack..

#1 Luckey Patcher


Download

#2 Freedom

Download

#3 Cree Hack


Download

#4 LeoPlay Card


Download

#5 AppSara


Download

__________________________________________DanuX

For Memory Hacking

#1 Game Guardian


Download

#2 Game Killer


Download

#3 GameCIH


Download

පොස්ට් එක හොදනම් අදහස් ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙන යමු..පොස්ට් එක හොදනම් Share පාරක් දාන්න අමතක කරන්නෙපා...😁😁

Posted By
DanuX