Friday, December 2, 2016

Mobile Phone's Displays Simple Explain In Sinhala

Mobile Phone's Display Explain.. 😞😞 

ඔයාලට ගොඩක් වැදගත් පෝස්ට් එකක් එක්ක ඔන්න දෙවෙනි Android Tech කෑල්ල අරන් ආපු මම දිලන්ක සදරුවන්. අද කතා කතා කරන්නෙ මොකක්ද මේ Phone එකක ඩිස්ප්ලේ එක ?ඩිස්ප්ලේ වර්ග වල වෙනස්කම් මොනාද? කියන කාරණා ගැන
    ඇත්තටම මේ ගැන සම්පූර්ණයෙන් කතා කරනවනම් මේ පොස්ට් එක විතරක් මදි අනික ඒ කාරණා දුරකතන භාවිතා කරන්නන් වන අපිට එතරම්ම වැදගත් නෑ ඒ නිසා අපිට වැදගත් වෙන ඒවා විතරක් සරලව මං පැහැදිලි කරන්නම්. 😊

Intro..හැදින්වීමක් ගමු.. 


Phone එකක ඩිස්ප්ලේ එකෙන් කෙරෙන්නෙ අපි දෙනු ලබන දත්ත සකස් කර පසු ඒවා ප්‍රතිදානය කිරීමයි. ඕනම Phone එකක ‍මොනම හෝ ඩිස්ප්ලේ එකක් තියෙනවනෙ නැත්තන් Phone එකක් නෙමෙයි 😒😒. කොහ‍ොම වුනත් හැම Phone එකකම ඩිස්ප්ලේ එකම නෙමෙයි ඔයාලට ඒක දැක්කාම පේනව ඉතින් අපිට පුලුවන්නෙ එකම ඩිස්ප්ලේ එක යොදන්න ඇයි එහෙම බැරි?

ඒ කාලෙ ආපු Phone වල නම් තිබුනෙ Black & White ස්ක්‍රීන් එකක් ඔය තාම තියෙන්නෙ නොකියා 1100 වල එහෙම. ඊට පස්සෙ කාලෙක ආවා Colored ඩිස්ප්ලේ..Smart Phones ආවම තමයි ඔන්න ඩිස්ප්ලේ එක වෙනස් වෙන්න ගත්තෙ. ඉතින් එකම ඩිස්ප්ලේ එක යොදන්න බැරි ඇයි? Button ද Touch ද යන කාරණය, නිෂ්පාදන පිරිවැය හා ගුණාත්මකභාවය කියන කාරණා වෙනස් වන නිසා තමයි එහෙම යොදන්න බැරි.

හරි එහෙනම් මොනාද බලමු අපේ Phone වල තියෙන ඩිස්ප්ලේ වර්ග..

අපේ Phone වල ඩිස්ප්ලේ ප්‍රධාන වර්ග දෙකයි

1 LCD
2 OLED

   ( තව TFD, CSTN, Capacitive Touch Screen, Resistive කියලත් වර්ග ගොඩක් තියෙනවා.)

මේවත් කොටස් වලට බෙදෙනවා හරි ඉස්සෙල්ලා කතා කරමු LCD ගැන

01 - LCD - Liquid Crystal Display 


LCD කියන්නෙ ගොඩක් ජනප්‍රිය පැරණි තාකෂණයක්. මේ display එක නිර්මාණය වෙන්නෙ Polorized ( ද්‍රාව්‍ය) තට්ටු දෙකක් මැද්දට Liquid Crystal එක දාල. ඒ කියන්නෙ ලේයර් විදියට. කොහොම වුනත් මේ ඩිස්ප්ලේ එක හරිම සිහින් ඒ නිසයි මේ ඩිස්ප්ලේ ආපු tv වලට අපි Flat TV කිව්වෙ. ඇත්තටම ඒවා හරිම සිහින් නිසා. මෙන්න මේ සිහින් ලේයර් එකට ආලෝකය එක් කරාම තමා රූප ප්‍රතිදානය කරන්නෙ ( Display කරන්නෙ)

කොහොම වුනත් LCD වලට බෑ තමන් විසින්ම ආලොකය නිපදවන්න ඒ නිසා මේකට ඕන කරා light එකක් ආලොකය එල්ල කරන්න නැත්තන් රූප අපිට පේන්නැ. ඒ නිසා මේකට ගොඩක් විදුලිය ඕන කරා. ඒ නිසා Phone වලට ආපු බැටරිය ඉක්මනට බහින්නත් මේ ඩිස්ප්ලේ එක බලපෑවා. හැබැයි මේ තාක්ෂණය දියුණු කරපු නිසා TFT හා IPS LCD කියන ඩිස්ප්ලේ දෙක ආවා හැබැයි මේක බැටරි බහින ගැටලුව අඩු කරන්න සමත් වුනාද කියන එක නම් ගැටලුවක් 😕


(i) TFT LCD Display 


TFT -  Thin Film Transister මේක LCD ඩිස්ප්ලේ එකෙ දියුනු කරපු තාක්ෂණයක් කියලා දැන් දන්නවනෙ නේද..TFT ඩිස්ප්ලේ එක‍ේ pixel එකකට ( pixel කියන්නෙ කුඩා වර්ණ කොටුවක් ඒවා ගොඩකින් තමයි Image එකක් හැදෙන්නෙ 😇 ) එක ට්‍රාන්ස්සිස්ටරය බැගින් තියෙනවා එහෙම එන එකේ වාසිය තමයි Images වල ගුණාත්මකභාවය වැඩි කිරීම හා වර්ණයන් මනාව පාලනය කිරීම.

කොහොම වුනත් LCD වලට වඩා වැඩි බලයක් ඕනෙ මේ TFT වලට අනෙක් ගැටලුව තමයි TFT වල පැහැදිලි රූප දකින්න නම් Phone එක දිහා කෙලින් බලන්න ඕනෙ පැත්තෙන් Phone එක දිහා බැලුවොත් පින්තූර හරියට පැහැදිලිව පේන්නෑ. 😖😖 ඒ නිසා මේ ඩිස්ප්ලේ යොදාගන්නෙ Low End Mobile Phones ඒ කියන්නෙ ලාභෙට තියෙන අඩු ගුණාත්මකභාවයෙන් යුත් Phone සඳහා 😏😏

(ii) IPS LCD Display 


මේ IPS කියන එකේ තේරුම තමයි In Plane Switching කියන එක මේකෙ එක Pixel එකකට ට්‍රාන්සිස්ටර් දෙක බැගින් තියෙනවා ඒ නිසා රූප ගොඩක් පැහැදිලියි වගේම වර්ණවත්..

කොාහාම වුනත් IPS ඩිස්ප්ලේ එකට TFT වලට වඩා විදුලියක් ඕන කරනවා display කරන්න ඒත් ගුණාත්මකභාවය හොද නිසා ips ඩිස්ප්ලේ high end ( ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ) හා low end වර්ගයේ Phone සඳහා යොදා ගන්නවා.

Apple,LG, Huawei, HTC වගේ පොන් වලට ගොඩක්ම ගන්නෙ IPS ඩිස්ප්‍ලේ ඒ වගේම

Samsung Low Budget Phone වලට ගන්නෙ ගොඩක්ම TFT ඩිස්ප්ලේ.


හරි දැන් LCD කතාව ඉවරයි දැන් කතා කරමු OLED ඩිස්ප්ලේ ගැන..

02 OLED Display 


OLED - Organic Light Emitting Diode මේ ඩිස්ප්ලේ එක සමන්විත වෙන්නෙ එල් ඊ ඩී කියන තාක්ෂණයෙන් ලේයර් හයක් ඇතුලත් වෙලා ඒ නිසා LCD වගේ නෙමෙයි මේකට විදුලි බලය යන්නෙ ගොඩක් අඩුවෙන් ඒ වගේම තමයි මේකෙ රූප LCD වලට වඩා ගොඩක් පැහැදිලියි වගේම වර්ණවත් තව දෙයක් නම් LCD වලට බැරිවුනාට තමන්ටම ආලෝකය නිපදවන්න මේ තාක්ෂනයට පුලුවන් ඒක. ඔයාලා ඒක දන්නවා LED ගැන O/L වලදී උගන්වන නිසා. Samsung ලා ගෙ Phone ගොඩක්ම වගේ එන්නෙ මේ තාක්ෂණයෙන්

මේකෙත් දියුණු කරපු තාක්ෂණ දෙකයි AMOLED හා Super AMLOED

(i) AMOLED - Active Matrix OLED 


TFT හා OLED දෙකම එකතු කරල තමා මේක හදලා තියෙන්නෙ OLED වලට වඩා ගොඩක් කාර්යක්ෂම හා ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත වෙනවා ඒ වගේම ඉතාම අඩු විදුලි පරිභෝජනයක් තමයි දක්වන්නෙ.


(ii) Super AMOLED 


මේක ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ අරකට වඩා දියුණු කරපු අඩු විදුලියක් වැය වෙන හා ඉහළ ගුණාත්මකබවින් යුත් රූප දර්ශණය කරන්න මේ ඩිස්ප්ලේ එකට පුලුවන්.

කාටහරි පුරස්නයක් තියෙනවනම් මොකක්ද හොදම කියල මම නම් කියන්නෙ Super AMOLED එකයි IPS එකයි තමා හොදම කියලා.. ඕකෙනුත් මොකක්ද කියල අහන්නෙපා කොටනව කිතු කිතු වෙන්න 😠

Super Amoled හා Amoled ව්‍යාජ වර්ණ නිපදවමින් දීප්තිමත්භාවය වැඩි කරගන්නවා..ඒකත් කියන්න ඕන.

ඉතින් ඔය විදියට තමා Phone වල ඩිස්ප්ලේ කතාව වැදගත් වුනානම්, අදහස් උදහස් ගල්මුල් ප්‍රහාර තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙන පල 😒..



Posted By
DanuX

10 comments:

  1. Mage J7 eke display & touch eke giya....mama display ekak genawa....touch ekak kaden daagattha
    Display ekak kohomada daganne

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නවනම් විතරක් කරනන නැත්තන් Mobile operator කෙනෙක්ට දෙන්න.amoled ඩිස්ප්ලේ දාන එක ටිකක් අමාරුයි

      Delete
  2. සුපිරි වැඩක් යාලුවා දිගටම වැඩේ කරගෙන යමු....
    ස්තුතියි.

    ReplyDelete
  3. AMOLED තමයි ඉතින්. 😊☺😎😜

    ReplyDelete
  4. Super amoled ව්‍යාජ වර්ණ (fake colour) නිපදවිමක් සිදු කරන්නෙ..තත්වයෙන් උසස් කියන්නෙ ඒක නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් මෙතන උසස් කිව්වේ විදුලි පරිබෝජනය හා දීප්තිමත් බව ගැන. ව්‍යාජ වර්ණ ගැන සදහනක් නැති එක අඩුවක්. පෙන්වුවාට ස්තුතියි.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Mage phone eke temporary glass eka na. Phone eke display eke irak ghin tynwa.e ire depaththa kaha paata wl wge. Mta wadi kalayak me display ekama use krnn bari weida

    ReplyDelete