Saturday, December 10, 2016

Nokia Is Back (නොකියා නැවත කරළිියට)

 Nokia පුනරාගමනය


Nokia සමාගම නැවත දුරකතන නිෂ්පාදනයේ කරළියට පැමිණ තිබෙනවා ඒ 2017 නිකුත් වීමට නියමිත ස්මාර්ට් ජංගම දුරකතනය නිසා ඉතින් මේ ගැන ටිකක් හොයල බැලුවා..බලපුවාගෙන් ටිකක් කියන්නම්..



Nokia සමාගම‍ේ ආරම්භ වර්ෂය 1987 ආරම්භයෙන් අවුරුදු 11 ගියාම ඒ කියන්නෙ 1989 දි Nokia සමාගම ලොකයේ හොදම ජංගම දුරකතන සමාගම වෙනවා හැබැයි Nokia 2011 වර්ෂයේදී කඩාවැටිමට ලක් වෙනවා ඒකට හේතුව තමයි Android මෙහෙයුම් පද්ධතිය හා Iphone එක.

ඊට පස්සෙ Nokia සමාගම තාවකාලිකව අයිතිය Microsoft සමාගමට දෙනවා ඊට පස්සෙ 2014 දී සම්පූර්ණයෙන්ම Nokia සමාගම දුරකතන නිෂ්පාදනයෙන් ඉවත් වෙනවා. ඉන් පසුව ආවෙ Nokia Lumia දුරකතන Microsoft Windows මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්විලා. පසුව සන්නිවේදන උපකරණ වෙතට Nokia හි අවධානය යොමු වෙනවා.

කොහොම වුනත් 2017 දී Microsoft ලට දිපු අයිතිය කල් ඉකුත් වෙනවා ඒ කියන්නෙ ඉවර වෙනවා.. ඔන්න ලබන අවුරුද්ද තමා අවුරුද්ද...😍 Nokia නැවත පණ ලබන්න.


Nokia සමාගමේ අලුත්ම ජංගම දුරකතනය නිපදවන්නෙ Nokia සමාගම නෙවෙයි HMD හා හා Iphone නිපදවන සමාගමක් වන FIH සමාගම. ඒ Android 7 හෝ 6 සමගින් බලගැන්වෙමින්. නමුත් Nokia සමාගමත් මේ වැඩේට සම්බන්ධ වෙලයි දුරකතනය නිපදවන්නෙ..

මේ දුරකතනයේ හරි Photo එකක්වත් නමක්වත් එළියට ඇවිත් නෑ හැබැයි Code Names නම් තියෙනවා එකක්  D1C අනික P1 කොහොම වුනත් හරියටම ඒක දැනගන්න ටික කාලයක් යයි.

මේ දුකරතනය සුපිරි ස්මාර්ට් දුරකතනයක් වෙනවා නියතයි. ඒ නිසා මිලදී ගන්න දැන්ම ප්ලෑන් කරන්න...😉😉

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)

Posted By
DanuX

1 comment:

  1. ෂා මරුනේ
    බලමු මොකද වෙන්නේ කියලා

    ReplyDelete