Sunday, December 11, 2016

Tips To Reduce Data Usage

අනවශ්‍ය විදියට Data කැපෙන එක අඩු කරමු



අද ගෙනාවෙ සමහර අයට ලොකු ගැටලුවක් වෙලා තියෙන කාරණාවක්. මගේ Phone එකේ ඩේටා කැපෙනවා වැඩියි ඩේටා කාඩ් එක උදේ දැම්මම ඊලඟ දවසෙ ඉවරයි 😔... ඉතින් ඔය ප්‍රශ්ණෙ අඩු කරගන්න මේ ක්‍රම 5 ලොකු උදව්වක් වෙයි.

#1 Auto Update Apps Disable කිරීම.





Play Store වල Auto Update  Option එක ගොඩක් වෙලාවට තියෙන්නෙ Over Wifi Only. නමුත් සමහර විට On වෙලා තියෙන්න පුලුවන් ඒක Play Store වල Settings වලින් Disable කරන්න. හැබැයි මාසෙකට සැරයක් හරි App ටික Update කරන්න වගබලාගන්න.

#2 Galaxy දුරකතන වල App Store හි Auto Update ද Disable කිරිම.





Galaxy දුරකතන වලට එන Store එකේ Apps Auto Update විමෙනුත් අනවශ්‍ය විදියට Data කැපෙන එක අඩුකරගන්න පුලුවන්.
     ඔයා තවත් මේ වගේ Blackmarket, Moboginie වගේ Stores ඉන්ස්ටෝල් කරල තියෙනවනම් ඒවගෙත් Auto Update අයින් කරන්න.

#3 Background Data අනවශ්‍ය Apps සඳහා Disable කිරිම.







App එකක් අපි Open කරන්න කලින් වැඩ කරල Data භාවිතා කරනවනම් හෝ මොනයම් හෝ දෙයක් කරනවනම්  ඒ App එක Background Run වෙනවා කියලා කියනවා. ඒකෙන් Data භාවිතා කරනවනම් අනවශ්‍ය විදියට Data කැපෙන්න පුලුවන් ඒකට Settings වල තියෙන Data Usage හි Background Data මගින් අනවශ්‍ය Apps අයින් කරන්න.

#4 Facebook Lite App එක භාවිතා කිරිම.

Facebook Lite App එකේ Data Usage ගොඩක් අඩුයි. ඒ නිසා ඒ App එකෙන් Facebook භාවිතා කරන්න.

#5 Speed Meter එකක් භාවිතා කිරීම.





Speed Meter මගින් අපේ දුරකතනයෙ Status Bar එකේ Data Speed එක පෙන්වනවා අපි මුකුත් නොකරන වෙලාවටත් Speed එක වැඩියෙන් පෙන්වනවනම් අපිට දැනගන්න පුලුවන් අනවශ්‍ය විදියට Data කැපෙනවද නැද්ද කියලා. Cpu x/Speed Meter මේ වැඩේට හොද Apps වෙනවා.

Download Speedmeter

Download CPU X

කොහොමත් Phone එකක Reset කරාට පස්සෙ දවසක් විතර Data කැපෙනවා වැඩි වෙයි. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා.

මං හිතනවා ‍මේ ක්‍රම 5 ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා Data කැපෙන එක අඩුකරගන්න. ලිපියෙ ගැටලු තියෙනවනම් හෝ ලිපිය වැදගත් වුනානම් කමෙන්ට් එකක් දාගෙන යමු..

Posted By
DanuX

0 comments:

Post a Comment