Tuesday, December 6, 2016

10 Android Optimizing Tips (සිංහලෙන්)


10 speed up tips..


ඔයාගෙ phone එක ස්ලෝ නැතුව හුග කාලයක් භාවිතා කරන්න නම් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි. මේ ලිපියෙන් ඔයාට ක්‍රම දහයක් දෙනවා ඒ වැඩේ කරන්න හරියට කරොත් ගොඩම තමයි 😁😁

Phone එක ස්පීඩ් කරමු


#1 අනවශ්‍යය ඇප්ස් අන්ඉන්ස්ටෝල් කිරීම

අනවශ්‍ය ඇප්ස්?? ඒ මොනාද?? අනවශ්‍යය ඇප්ස් කියන්නෙ එක්කො එකම වැඩෙි කරගන්න දෙක තුනක් ඇප්ස් ඉන්ස්ටෝල් කරල තියනවනම්.. ඇප් එකෙ ගොඩක් Ads තියෙනවනම් ඒ ඇප් එක දැම්මම phone එක ස්ලෝ නම් ඒක අනවශ්‍යයි ඉතින් කරන්න ඕන දේ තමා එහෙම ඇප්ස් Uninstall කරන එක..
   
 #2 ඇප්ස් Disable කිරීම

  තවත් ඇප්ස් තියෙනවා ඒව‍ා Uninstall කරන්න බෑ හැබැයි Disable කරන්න පුලුවන්. System ඇප්ස් ගොඩක්ම මේ විදියයි ඉතින් ඔයාට අවශ්‍ය නැත්තන් ඒ ඇප් එක Disable කරන්න එතකොට ඔයාගෙ Home Screen එකෙන් ඒක අයින් වෙලා යනවා ආපසු Enable කරගන්න පුලුවන් Settings වලින් Disable කරපු විදියටම

#3 Lightweight ඇප්ස් (අඩු Ram එකක් Storage Space එකක් අරගන්න ඇප්ස්) ඉන්ස්ටෝල් කිරීම..
ඔයා ගොඩක් Social Media, Internet භාවිතා කරනවනමි ඒවට එන ඇප්ස් වලින් Lightweight ඇප්ස්  භාවිතා කරන්න මොකද ඒ ඇප්ස් ගොඩක් රැම් එක භාවිතා කරනවා. (Facebook,Messenger,Chrome) මේවට විසඳුම් විදියට ඒ ඇප්ස් අයින් කරල හෝ Disable කරලා ඒ ඇප්ස් වල Lite ඇප්ස්  යොදාගන්න පුලුවන්. (Facebook Lite, Messenger Lite, UC Browser, Opera mini)

#3 Lightweight Virus Guard එකක් ඉන්ස්ටෝල් කිරිම

Phone ස්ලෝ වෙන්න තව හේතුවක් තමයි මැල්වෙයා.. මැල්වෙයා වලට තමා වයිරස්,ඇඩ්වෙයා,කී ලොගර්ස් වගේ ඒවා අයිති වෙන්නේ..ඉතින් හොද තත්ත්වයේ අඩු ධාරිතාවයක් අවශ්‍ය වන වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කිරීමෙන් මැල්වෙයා ප්‍රශ්ණෙට විසදුමක් ගන්න පුලුවන්. Kaspersky තමා දැනට හොදම වයිරස් ගාඩ් එක හැබැයි ඒක ගොඩක් රැම් එක බාවිතා කරනවා ඒ නිසා ඔයා කැස්පස්කී දානවානම් රැම් එක 2GB වගේ තියෙන Phone එකක් ඔයාට තියෙන්න ඕන..නැත්තන් අවාස්ට් භාවිතා කරන්න.

Avast Virus Guard :- Download
Eset Secuirity :- Download

#4 Developer Option වල Transition Disable කිරීම හෝ අගය 0.5 දැමීම..
මේ ගැන පොස්ට් එකක් වෙනම දාලා ඇති ඒක මෙතනින් බලලා වැඩේ කරන්න පුලුවන් ඒ වගේම Developer Option වලින් ගන්න පුලුවන් වැඩ ගොඩක් ඒකෙ දාලා ඇති. මෙතනින් යන්න

#5 Junk Files ඉවත් කිරීම

Phone එක‍ේ කාලයක් යද්දි අනවශ්‍ය ෆයිල්ස් (Logs,Cached memorys,images) ගොඩගැහෙනවා ඒවා ඩිලිට් කරාම අපේ Storage එක වැඩි වෙනවා වගේම Phone එකත් Speed වෙනවා. මේ වැඩේට Cleaner ඇප්ස් ගන්න පුලුවන් ( 360 Security, ES File Manager)

#6 හොඳ තත්ත්වයේ SDCard/Memory Card එකක් භාවිතා කිරීම.


ඔයාගෙ Phone එකට ලාභ Memory Card එකක් වෙනුවට හොඳ මට්ටමේ (Class 6 වත්) Memory Card එකක් දාලා බලන්න..හොදට Speed එකෙන් ඩේටා හුවමාරු වෙනවා. හොඳ මට්ටමේ Memory Card එකන් තෝරන්න මේ ලිපිය කියවන්න Read This

#7 Android Update කිරීම හා Apps Update කිරීම


ඔයාගෙ Phone එකේ Settings - About Device ගිහින් Software චෙක් කරල අලුත්ම අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරන්න. ගොඩක් අයගෙ වැරදි මතයක් තමයි අප්ඩේට් කරාම ස්ලෝ වෙනවා කියන එක. ඒක වැරදි Phone එක හදන අය ඒ අප්ඩේටස් එවන්නෙ මෙහෙයුම් පද්ධතියට නවාංග එකතු කරලා බග්ස් අඩු කරලා උපරිම කාර්යකෂමතාවයක් ලැබෙන විදියට ඉතින් ඇයි අපි අප්ඩේට් නොකරන්නෙ??.
     තව වැරැද්දක් තමයි ඇප්ස් අප්ඩේට් නොකර ගොඩගහගෙන ඉන්න එක නිකමටවත් බලන්න සතියකට සැරයක්වත් ඔයාගෙ Play store වල ඇප්ස් කොච්චර අප්ඩේට් වෙන්න තියෙනවද කියලා. ගොඩගැහෙන්න දෙන්න එපා ඒක ලොකු හේතුවක් වෙනවා Phone එක ස්ලෝ වෙන්න. ඒ නිසා එවාත් අප් කරල තියාගන්න.

#8 Custom Rom (කැමතිනම් විතරයි)


Custom Rom කියන්නෙ Official ඒ කියන්නෙ Phone එක හදන සමාගම හදන මෙහෙයුම් පද්ධතියක් නෙමෙයි ඒක වෙන කෙනෙක් හො කණ්ඩායමක් විසින් මෙහෙයුම් පද්ධතියෙ දෝෂ අඩු කරලා නවාංග එකතු කරලා තමයි හදන්නෙ ඔයාට කැමතිනම් මේකක් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. හැබයි හොදට දැනගෙන විතරක් කරන්න.

#9 Sync Off කිරීම

Phone එකේ E mail වගේ ඒවා ඔන්ලයින් බැකප් කිරීමක් තමයි මේකෙන් වෙන්නෙ ඔයාට අවශ්‍ය නැත්තන් මේක Settings - Accounts ගිහින් අයින් කරගන්න පුලුවන් එතකොට ඩේටා කැපෙන එකත් අඩු වෙනවා.

#10 Live Wallpapers භාවිතා නොකිරීම


Wallpapers වලට Live ඒවා දාන්නෙතුව Wallpaper එකක් දාන්න ඒකෙන් බැටරිය බහින එක වගේම Phone එන ස්පීඩ් වෙන්නත් උදව්වක් වෙයි.

#11 Widgets අඩු කරන්න..

Home Screen එකට දාලා තියෙන අනවශ්‍ය Widgets තියෙනවනම් අයින් කරන්න. ඒ වගේම Home එකේ ඇප්ස් පුරවගන්න එපා. අනවශළු ඒවා අයින් කරලා දාන්න ඒකත් උදව්වක් වෙයි Phone ස්පීඩ් වෙන්න.

ඔය වැඩ ටික හරියට කලොත් අනිවාර්යයෙනි වෙනසක් බලාගන්න පුලුවන්...ඉතින් කරලම බලන්න පොස්ට් එක හොදනම් ගැටලු තියෙනවනම් කමෙන්ටි එකක් දාන්නත් Share පාරක් දාන්නත් අමතක කරන්න එපා...😉😉

Pisted By

DanuX