Saturday, December 10, 2016

Mobile Phones Batteries Explain In Sinhala

ජංගම දුරකතන බැටරියෙ කතාව..



අපි කා ලගත් තියෙන ජංගම දුරකතන වල බැටරිය ගැනයි ටිකක් කතා කරන්න යන්නේ. කෙටි පැහැදිලි කිරිමක් නිසා සරලව ඔයාගෙ දැනුමට යමක් එකතු කරගන්න පුලුවන් වෙයි මේ ලිපියෙන්.
      බැටරිය කියන්නේ දුරකතනයේ බල අවශ්‍යතාවය සපුරන කොටස බැටරියෙ අඩංගු බලයෙන් තමයි දුරකතනයෙ සියලුම ක්‍රියා වලට ශක්තිය සපයන්නෙ. කොහොම වුනත් දුරකතනයේ ප්‍රමාණය හා බල අවශයතාවය මත පදනම්ව නිෂ්පාදකයා විවිධ වර්ග වලින් විවිධ ප්‍රමාණ වලින් හා විවිධ  ධාරිතා  වලින් බැටරි නිපදවනවා.
    
 බැටරියේ ධාරිතාවය මනින ඒකය වන්නේ mAh ඒකෙ තේරුම තමයි පැයකට මිලි ඇම්පියර් ප්‍රමාණය 3000mAh බැටරියක් ගත්තොත් පැයකට වැය වන්නේ මිලි ඇම්පියර් එකක් නම් පැය 3000ක කාලයක් තබාගන්න පුලුවන්..

ජංගම දුරකතන බැටරි වර්ග...


ප්‍රධාන වශයෙන් මම මෙතන බැටරි වර්ග පහක් ගැන සරලව කියලා දෙන්නම්.

1 Lithium Ion Battery (ලිතියම් තාක්ෂණයෙන්) (ලිතියම් අයන්)


01 Specific energy ( විශේෂිත ශක්තිය)

100–265 W·h/kg (0.36–0.875 MJ/kg)

03 Energy density (ශක්ති පරාසය/ඝනත්වය)

250–676 W·h/L (0.90–2.43 MJ/L)

05 Specific power (වි‍ශේෂිත බලය) :- ~250-~340 W/kg

06 Charge/discharge efficiency (ආරෝපණ/විසර්ජන කාර්යක්ෂමතාවය) :- 80–90%

07 Energy/consumer-price (ශක්ති පරිභෝජන/පාරිභෝගික වියදම/මිල) :- 2.5 W·h/US$

08 Self-discharge rate (ස්වයං විසර්ජන අනුපාතය) :- 8% at 21 °C /15% at 40 °C / 31% at 60 °C(per month)

09 Cycle durability (කල්පැවැත්ම) :- 400–1200 cycles

10 Nominal cell voltage ( කෝෂයක වැඩකට නැති වෝල්ටියතාවය😁) :- NMC 3.6 / 3.85 V, LiFePO4 3.2 V


මේ බැටරිය තමයි අපි ගොඩක් දෙනා භාවිත කරන දුරකතන වල තියෙන්නෙ. මිලෙන් අධික බැටරියක් මෙන්ම ඉහළ ආරෝපණ හා ගබඩාකර තබා ගැනිමේ හැකියාවක් තියෙනවා. විවිධ ප්‍රමාණ වලින් තියෙනවා ඒ වගේම විවිධ ධාරිතාවලින්..ගොඩක් අයගෙ මතයක් තියෙන‍වා Phone එකේ සම්පුර්නයෙන් බැටරිය බැස ගියාට පස්සෙ චාර්ඡ් කරන්න ඕන එහෙම නැත්තන් බැටරිය‍ෙ ආයුකාලය අඩු වෙනවා (Memory Efect) කියලා නැ එහෙම එකක් මේ ලිතියම් අයන් බැටරියට නෑ. හැබැයි ලිතියම් අයන් පැරණි දුරකතන වලට භාවිතා කරන්න බැ.

02 Lithium Polymer (ලිතියම් පොලිමර්)



01 Specific energy :- 100–265 W·h/kg(0.36–0.95 MJ/kg)

02 Energy density :- 250–730 W·h/L(0.90–2.63 MJ/L)

03 Nominal cell voltage :- 3.3 V, 3.7 V, depending on chemistry (රසායන ද්‍රව්‍ය අනුව)


මේ බැටරියත් ලිතියම් අයන් වගේම බැටරියක් නමුත් අනෙක් බැටරි වලට වඩා 40% ගුණයක් වැඩියෙන් ආ‍රෝපණ ගබඩා කර තබාගැනිමේ හැකියාවක් තිබෙනවා. ඒවගේම බැටරිය සම්පුර්ණයෙන්ම විසර්ජනය වෙන්න අවශ්‍ය නැ ආරෝපණය කරන්න (Memory Effect එක නැ) ඒ නිසා බැටරි හායනය අඩුයි. මේ බැටරිය ආවරණය කරන්නෙ ප්ලාස්ටික් විශේෂයකින්  ගොඩක් වෙලාවට Power Bank වලට යොදාගන්නවා,

03 Nickel Cadmium (නිකල් කැඩ්මියම්)


01 Specific energy :- 40–60 W·h/kg

02 Energy density :- 50–150 W·h/L

04 Specific power :- 150 W/kg

05 Charge/discharge efficiency :- 70–90%

06 Self-discharge rate :- 10%/month

07 Cycle durability :- 2,000 cycles

08 Nominal cell voltage :- 1.2 V


නිකල් කැඩ්මියම් බැටරියට නම් ඔන්න Memory Effect එක තියෙනවා. ඒ නිසා බැටරිය සම්පුර්ණයෙන් බැස යනකම් ඉන්නෙතුව චාරඡ් කිරිම බැටරියට බලපානවා. (ආයුකාලයට ‍හා Baattery Capacity (ධාරිතාවයට)  ඒ වගේම නිකල් බැටරිය නිපදවන්නෙ විස රසායන ද්‍රව්‍ය වලින් ඒ නිසා පරිසර හිතකාමි නැ ක‍ොහොම වුනත් දැන් දුරකතන නිෂ්පාදකයින් මේ බැටරිය යොදාගන්නැ දුරකතනය‍ේ බැටරිය සඳහා.

04 Nickel Metal Hydride (නිකල් මෙටල් හයිඩ්‍රයිඩ්)

01 Energy density :- 140–300 Wh/L

02 Specific power :- 250–1,000 W/kg

03 Charge/discharge efficiency :- 66%

04 Self-discharge rate :- 13.9–70.6% at room                 temperature 36.4–97.8% at 45 °C

05 Low self-discharge :- 1.3–2.9% at 20 °C
     (per month)

06 Cycle durability :- 500–2000 cycles

07 Nominal cell voltage :- 1.2 V


කැඩ්මියම් (03) බැටරියක විශාලත්වය ගන්නවා හැබැයි කැඩ්මියම් වලට වඩා දෙගුණයක් ශක්තිය ගඩබා කරගන්න පුලුවන් පරිසර හිතකාමි මෙන්ම විෂ රසායන ද්‍රව්‍ය අඩංගු කරලා නැ ඒ වගේම දුරකතන තාක්ෂණයටත් ඔර‍ොත්තු දෙනවා Memory Efect එක තිබිම හා කහිප වතාවක් ආරෝපණය කරාට පසුව ව‍ෝල්ටියතාවය පහත වැටීම අවාසි වෙනවා. කොහොම වුනත් මේ බැටරි ගොඩක් දෙනා භාවිතා කරනවා

05 The New Lithium technology (නව ලිතියම් අයන් තාක්ෂණය)



මේක තම‍ා දුරකතන බැටරියේ අනාගත තාක්ෂණය...සාමාන්‍ය ලිතියම් අයන් බැටරියට වඩා 1000 ගුණයක් බලවත් ඒ වගේම ආරෝපණය කරන්න යන්නෙ තත්ත්පරයක් වගෙ කාලයක්..ඒ නිසා දුරකතනයේ ලොකු පෙරළියක් අපේක්ෂා කරන්න පුලුවන්...

බැටරියක් මිලදි ගැනිමේ ආකාර..😐

1 OEM Batteries ( Original Equipment Manufacturer)
2 Non OEM Batteries (Non Equipment Manufacturer)

#OEM Batteries කියන්නේ දුරකතන නිෂ්පාදකයා විසින් නිකුත් කරන නියම තත්ත්වයේ බැටරි වලට වොරන්ටියට කිසිම හානියක් වෙන්නැ මේ වර්ගයේ බැටරියක Replace කර‍ොත් 😍

#Non OEM Batteries කියන්නෙ ඒකෙ අනිත පැත්ත වෙනත් සමාගමක විසින් නිකුත් කරන බැටරි මේ බැටරි විටෙක දුරකතනයට හානිකර හෝ ඉහළ ගුණාත්මකභාවයක් නැති බැටරි වෙන්න පුලුවන්. වොරන්ටිය ගැනත් වගකිමක් දරන්න බැ..😖

ඉතින් බැටරියක් මිලදි ගන්නවනම් OEM බැටරියක් මිලදි ගැනිමට වගබලාගන්න..😉

ලිපියේ ගැටලු තියෙනවනම්  අදහස් උදහස් එහෙම තියෙනවනම් කමෙනට් එකක් දාගෙන යන්න..😕

(From Wikipedia & E bay😚😚)

Posted By
DanuX

Nokia Is Back (නොකියා නැවත කරළිියට)

 Nokia පුනරාගමනය


Nokia සමාගම නැවත දුරකතන නිෂ්පාදනයේ කරළියට පැමිණ තිබෙනවා ඒ 2017 නිකුත් වීමට නියමිත ස්මාර්ට් ජංගම දුරකතනය නිසා ඉතින් මේ ගැන ටිකක් හොයල බැලුවා..බලපුවාගෙන් ටිකක් කියන්නම්..



Nokia සමාගම‍ේ ආරම්භ වර්ෂය 1987 ආරම්භයෙන් අවුරුදු 11 ගියාම ඒ කියන්නෙ 1989 දි Nokia සමාගම ලොකයේ හොදම ජංගම දුරකතන සමාගම වෙනවා හැබැයි Nokia 2011 වර්ෂයේදී කඩාවැටිමට ලක් වෙනවා ඒකට හේතුව තමයි Android මෙහෙයුම් පද්ධතිය හා Iphone එක.

ඊට පස්සෙ Nokia සමාගම තාවකාලිකව අයිතිය Microsoft සමාගමට දෙනවා ඊට පස්සෙ 2014 දී සම්පූර්ණයෙන්ම Nokia සමාගම දුරකතන නිෂ්පාදනයෙන් ඉවත් වෙනවා. ඉන් පසුව ආවෙ Nokia Lumia දුරකතන Microsoft Windows මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්විලා. පසුව සන්නිවේදන උපකරණ වෙතට Nokia හි අවධානය යොමු වෙනවා.

කොහොම වුනත් 2017 දී Microsoft ලට දිපු අයිතිය කල් ඉකුත් වෙනවා ඒ කියන්නෙ ඉවර වෙනවා.. ඔන්න ලබන අවුරුද්ද තමා අවුරුද්ද...😍 Nokia නැවත පණ ලබන්න.


Nokia සමාගමේ අලුත්ම ජංගම දුරකතනය නිපදවන්නෙ Nokia සමාගම නෙවෙයි HMD හා හා Iphone නිපදවන සමාගමක් වන FIH සමාගම. ඒ Android 7 හෝ 6 සමගින් බලගැන්වෙමින්. නමුත් Nokia සමාගමත් මේ වැඩේට සම්බන්ධ වෙලයි දුරකතනය නිපදවන්නෙ..

මේ දුරකතනයේ හරි Photo එකක්වත් නමක්වත් එළියට ඇවිත් නෑ හැබැයි Code Names නම් තියෙනවා එකක්  D1C අනික P1 කොහොම වුනත් හරියටම ඒක දැනගන්න ටික කාලයක් යයි.

මේ දුකරතනය සුපිරි ස්මාර්ට් දුරකතනයක් වෙනවා නියතයි. ඒ නිසා මිලදී ගන්න දැන්ම ප්ලෑන් කරන්න...😉😉

(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)

Posted By
DanuX