Friday, November 25, 2016

Top 10 Stickman Games


Top 10 Stickman Games 


අද මං ඔයාලට ගෙනාවේ Sticlman games ටිකක් stick man කිව්වම ඒකෙ ‍තේරුම ඇටකෝටුමිනිසා කියන එකයි. මේ ගේම්ස් ලොකු පොඩි ඕන Androd Phone  එකක play කරන්න පුලුවන්.
    මේවා ගොඩක් ලංකාවෙ අය අතර නම් ජනප්‍රිය නැ. මොකද අපේ අය හොයන්නෙ සුපිරි Graphics කියාගන්න ගේම්ස් වලටනෙ. ඒත් මේ වගේ ගේම්ස් ප්ලේ කරාම තේරෙයි අරවා ට වඩා කොච්චර සරලද ඒ වගේම කෙතරම් විනෝද ද කියලා අනික පොඩි ඉඩක් තමා storage එකෙන් වැය වෙන්නේ ඒ වගේම smooth gameplay එකක් ඔයාලට අත්විදින්න පුලුවන්.
    වැඩි වර්ණනා ඕන නැ ගේම් ටික ගැන කතා කරමු මේ ස්ටික්මෑන් චරිතය ගොඩක් ජනප්‍රියයි (ඇටකෝටුනෙ ඉතින්😂) ඒ නිසාම තමයි මෙයාගෙන් මෙච්චර ගේම්ස් නිර්මාණය වුනේ.
        හැබැයි ඒ හැම ගේම් එකක්ම හොදත් නැ ඒකයි තෝරල බේරල ඔයාලට මේ ගේම්ස් සමීප කරන්න හිතුවෙ. මේ ගේම්ස් Action, Shooting, Fighting, Sports, Racing වගේ විවිධත්වයක් ගන්නවා. මම ඒ හැම වර්ගෙන්ම ජනප්‍රියම ගේම්ස් ටිකක් තමයි මෙතන Photos එක්කම දාලා තියෙන්නෙ. කතා ඇති බලලා අරගන්නකො Mod App එක්කම දාලා තියෙනවා.

#1 Anger Of  Stick 5 [ Action ]



[ Download ] [ Mod Download ]

#2 Gun Fu : Stickman 2 [ Shooting ]



[ Download ] [ Mod Download ]

#3 Anger Of Stick 4 [ Action ]



[ Download ] [ Mod Download ]

#4 Stickwar Legacy [ Action ]

                   


[ Download ] [ Mod Download ]

#5 Stickman Revenge 3 [ Action ]



[ Download ] [ Mod Download ]

#6 Wingsuit Stickman [ Arcade ]



[ Download ]

#7 Stickman Ice Hockey [ Sports ]



[ Download ]

#8 Stickman Downhill Motocross [ Racing ]



[ Download ] [ Mod Download ]

#9 Stickman Soccer 16 [ Sports ]




#10 Tesla Wars 2 [ Shooting ]



[ Download Apk ] [ Mod Apk Download ]

[ Download Data ]

ඔය ගේම්ස් ප්ලේ කරල තියෙනවනම් කලින් කමෙන්ට් එකක් දාන්න ගේම් එක ගැන මොකද ඒක වැදගත් වෙයි මේ ගේම්ස් අපේ අයට සමිප කරන්න ඒ වගේම මේ පෝස්ට් එක ගැන, Links ගැටලු ගැන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

Posted By
DanuX

Thursday, November 24, 2016

Top 5 Screen Recorder Apps



Top 5 Screen Recorder Apps


        ඔයාගෙ Android phone එකේ ඔයා කරන වැඩ රෙකෝඩ් කරල තියාගන්න පුලුවන්නම් පස්සෙ කාලෙක ඒක වටිනවා නේද? ඉතින් අද ගෙනාවෙ Screen Record කරන්න හොද ඇප්ස් 5ක්..
    ඇප් වල Photos සහ Download Links පහළ තියෙනවා මේ වැඩේ කෙරෙන විදිය කියල දෙන්න අවශ්‍යය නෑ සරලයි ගොඩක් දෙනෙක් මේක දන්නවා. ඒ නිසා මේවගෙන් රෙකෝඩ් කරන්නෙ කොහොමද කියලා නම් කියන්න යන්නෙ නෑ.
     ඔන්න ඇප් ටික...

#1 AZ Screen Recorder


              [ Download ] [ Download Pro Free ]

#2 Mobizen Screen Recorder


[ Download ] [ Download Mobizen For Samsung]

#3 Rec Screen Recorder


                                 [ Download ]

#4 ADV Screen Recorder


                                 [ Download ]

#5 Free Screen Recorder No root 


                                 [ Download ]

පෝස්ට් එක හොදනම් අඩුපාඩු හෝ ලින්ක් වැඩ කරන්නෙ නැත්තන් කමෙන්ට් එකක් දාන්න...

Posted By
DanuX

GPU (Graphics Processing Unit) Explaining In Sinhala/ English

මොකක්ද මේ phone එකේ GPU එක කියන්නේ? 


 අද කතා කරන්නෙ GPU එක ගැන ගේම් පිස්සෝ නම් දන්නවා GPU කියන නම හැබැයි ගොඩක් දෙනෙක් දන්නැ මොකක්ද මේ කියලා...
     GPU කියන නමේ තේරුම තමයි Graphics Processing Unit ( චිත්‍රක සකසන ඒකකය ) මේකෙන් කෙරෙන්නෙ phone එකේ තියෙන චිත්‍රමය ( photos, videos, games, වගේ අපිට Display වෙන හැමදෙයක්ම) සකස් කිරීම. මේකෙන් අපිට තියෙන වාසිය තමා CPU ( Centrel Processing Unit ) ( මධ්‍ය සැකසුම් ඒකකය ) එකෙන් කෙරෙන කාර්යය අඩු වෙන එක. ඒක අපිට ලොකු උදව්වක් වෙනවා phone එකේ perfomence වැඩි වෙන්න

GPU Rendering කියන්නෙ මොකක්ද?



ඔයාලා දැකලා ඇති Developer Options වල පහළ තියෙනවා Force Gpu Rendering කියලා. මේ කියන්නෙ ඒ Option එක ගැන නෙමේ මොකක්ද GPU Rendering කියන්නෙ කියලා එතකොට තේරෙයි ඒ Option එකේ තේරුම..
     GPU Rendering කියන එකෙන් වෙන්නෙ GPU එකේ කරන අමාරු කාර්යයන් පහසු කරන එක. ඒකෙන් වෙන්නෙ අදාල සැකසුම් පහසු ආකාරයට සකස් කරන එක මේක GPU එකට ලොකු පහසුවක් ඒකෙන් 3D ( ත්‍රමාණ ) වැඩ ගොඩක් පහසුවෙන් කිරීමේ හැකියාව ලැබෙනවා. 
        දැන් තේරෙනව ඇති අර කලින් කියපු Option එක තියෙන්නෙ මොකටද කියලා. 😉 ඒකෙන් වෙන්නෙ ත්‍රිමාණ සජීවිකරණයන් ද්වීමාන බවට හැරවීම ඒක ලොකු පහසුවක් GPU එකට.


GPU වල ඉතිහාසය? 

GPU මුලින්ම හදුන්වා දෙන්න කලින් ඒ වැඩ කලෙත් CPU එක..(පව් නේද CPU එක😔) ඒකත් Phone වලට නෙමේ පරිගණක වලට මුලින්ම ආපු GPU Card එක තමයි Nvidia Geforce 256 නිපදවන්නෙ Nvidia Corporation සමාගම විසින්. ඒ ක්‍රිස්තු වර්ෂ බර ගණන් වල එහෙම නෙමෙයි 1999  ඔක්තෝබර් 11. නමුත් ඊට පෙර 1970 සිටම Arcade Games සඳහා විවිධ පර්යේෂකයින් GPU System දියුණු කලා.

**අදටත් Nvidia සමාගම තමා පරිගණක වලට හොදම GPU නිපදවන්නෙ**
      
        Mobile Phone වලට ආපු පළවෙනි GPU එක ගැන නම් හරි විස්තරයක් සදහන් වෙලා නෑ හැබැයි Open GL 2.0 Support කරන පළවෙනි GPU එක තමයි Mali 400MP කියන GPU එක ( සමහරුන්ගෙ phone වලත් තාම තියෙනවා ). නමුත් දුරකතන ලෝකයේ GPU ප්‍රමුඛයා වෙන්නෙ Power VR සමාගම. 

මගේ Phone එකේ GPU එක මොකක්ද?

ඔයාලගෙ Phone එකේ GPU එක බලාගන්න දැන් ඇප්ස් ගණනාවක්ම තියෙනවා කිහිපයක් කියන්නම්.

Cpu Z
Cpu X
Droid Hardware Info
Aida 64 ( ඔයාලගෙ GPU එක ගැන ලොකු විස්තරයක් බලාගන්න මේකෙන් පුලුවන් )

මේ හැම එකක්ම Playstore එකෙන් ගන්න...

අවසාන වශයෙන් දැනට ලෝකයේ හොදම GPU 10...


මේ තියෙන්නෙ දැනට තියෙන හොදම GPU දහය. බලන්න ඔයාගෙ එකත් තියෙනවද කියලා...

#1 PowerVR GT7XT Series

#2 Nvidia Tegra X1

#3 Apple A10 Fusion

#4 Qualcomm Adreno 530

#5 PowerVR GXA6850

#6 Nvidia Tegra K1 Kelper

#7 PowerVR GT6700 / Apple A9

#8 ARM Mali - T880 MP12

#9 ARM Mali - T760 MP8

#10 ARM Mali - T880 MP4

     ඉතින් ඔන්න ඔයාගෙ එක මෙතන නෑ කියලා දුක් වෙන්නෙපා..හොදට Games ප්ලේ කරන්න පුලුවන් නම් එච්චරයි..(සිත නිවන කතා...😔) එහෙනම් තවත් තාක්ෂණික ලිපියකින් හමුවෙමු. පෝස්ට් එක හොදනම් අඩුපාඩු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...😉

Posted By
Danux
   

How to Boot Into Revovery Mode ( Huawei, Samsung, LG, HTC, Nexus, Motorola & Micromax Mobiles)


What Is Recovery Mode..How to Swith into it 


ඔන්න අද කියන්නෙ කොහොමද ඔයාගෙ phone එක recovery mode එකට දාගන්නෙ කියල. මේකට අපි CWM (Clock work Mode) කියලත් කියනවා.
      මේක ගොඩක් වැදගත් වෙනවා ඔයාලගෙ පෝන් එක හදිසියකදි Reset කරන්න. (Virus Attack එකක් ආවම phone එක ඔන් නොවි තියෙද්දි, screen lock එක (pattern/passworrd/fingerprint or any lock option) අමතක වුනාම වගේ මේ revovery mode එකෙන් ඔයාගෙ phone එක reset කරගන්න පුලුවන්.
      Reset කරනවට අමතරව තව දේවල් මේකෙන් කරන්න පුලුවන් ඒ තමයි software දාන එක. ඒකත් කරන්න පුලුවන් මේ recovery mode එකෙන් ඒ ගැන ලිපියකුත් දානවා.😉
      ඔයාලට ඕන නම් ඔයාලගෙ phone එකේ මේ screen lock එක අයින් කරන්න පුලුවන් phone එක reset නොකර. ඒක ටිකක් සංකීර්ණයි මොකද ඒකෙන් phone lock එක පයිපාස් කරන නිසා(bypass) ඒ ගැන ලිපියක් වෙනම දාන්නම්😍

හරි දැන් recovery mode එක ගැන අදහසක් ගන්න ඇතිනෙ. දැන් බලමු කොහොමද Recovery mode එකට දාගන්නෙ කියලා.
   මේක phone එකෙන් phone එකට වෙනස් huawei වල ක්‍රමය නෙමෙයි samsung ක්‍රමය ඒ නිසා වෙන වෙනම මම කියන්නම් කොහොමද කරන්නෙ කියලා. මේක කරන්නෙ phone එක off කරාට පස්සෙ කියල හොදට මතක තියාගන්න. ( on එකේ තියෙද්දි කරලා මට බනින්නෙපා 😂 )

ඔයාලා මං කියන විදියට බටන් ටික එබුවම මේ screen එක එයි එතකොට button ටික අතාරින්න පුලුවන්..

#1 සාමාන්‍ය දුරකතන වල නම් මෙහෙමයි....

     *Vloume up button + Home button + power  
       button එක පාර ඔබාගෙන ඉන්න එහෙම                  නැත්තන්.
       Power Button + Volume Up එක...
       (Samsung වලට පළවෙනි ක්‍රමය සහ බොහෝ            දුරකතන
         වලට මේ ක්‍රමය තමා නැත්තන් දෙවෙනි                      ක්‍රමය)
      
#2 Nexus දුරකතන වල...

    *Volume up + Vloume down + Power button           මේ විදියට එකපාර ඔබන්න

    
#3 Motorola දුරකතන වල...

    *Power button + home buttons මගින්.

#4 LG දුරකතන වල...

    *මේකෙ නම් ක්‍රමේ ටිකක් වෙනස්                                 බලාගන්නකො...
      Power button + Volume Down button                     ඔබාගෙන හිටියම
      සමහර LG phone වල Logo එක ඇවිත් මෙනු           එකක්
      එනවා. හැබැයි සමහර ඒවගෙ තියෙන්නෙ Logo       එක
      ආපු ගමන් vloume up හරි volume down හරි         ඔබන්න.

#6 Huawei දුරකතන වල...

    *Power Button + Volume Up button ඔබන්න...

#5 HTC දුරකතන

    *මේකෙ ඉස්සෙල්ලා phone එක ඔන් එකේ                   තියෙද්දි
      Fast Boot Option enable කරල නම් එක                   settings වලින් අයින් කරන්න වෙනවා. ඊට                 පස්සෙ ඕෆ් කරලා
      Power button + Volume Down button                     ඔබන්න.

මේ පින්තුරත් ඔයාලට වැදගත් වෙයි...







කොහොම කලත් මේ වගේ Screen එකක් තමයි ඔයාලට පෙන්නන්නෙ මෙතන ටච් කරාට මුකුත් වෙන්නෙ නෑ Control කරන්න තියෙන්නෙ power Button/Home Button, Volume Up, Volume Down වලින් ඒක මෙන්න මෙතන දාලා තියෙනවා කොහොමද කරන්නෙ කියලා.





දැන් කොහොමහරි Recovery Mode / CWM එකට ගියා කියමුකො බලමු මොනාද මේකෙ තියෙන Options කියලා
   මේකෙ ඔයාලගෙ Recovery Mode Version එක අනුව Options වෙනස් වෙනවා මං මෙතන මගේ Phone එකේ (Samsung Galaxy S6 Edge Plus) Recovery Mode එක ඔන් කරගෙනයි තියෙන්නෙ. ඉතින් ඒක ආවෙ 2015 ඒ නිසා අලුත් version. හැබැයි ඔයාගෙ phone එක පරණ නම් ( අවුරුදු දෙකක්, තුනක් වගේ..අරගත්ත කාලෙ නෙමෙයි phone එක හදපු කාලෙ) මේ options අඩු වෙන්න පුලුවන්.

බලාගන්නකො Options... (**Photos පැහැදිලි නැත්නම් Photo එක ටච් කරන්න**)









හරි ඔන්න ඕක තමයි Recovery Mode එක ඉදිරි ලිපි වලින් මේකෙන් කරන වැඩ ගැන දානවා..

**Phone එක Reset කිරීම.
**Custom Rom/Software Install කිරීම
**Screen Lock Bypass
**Root කිරීම..

නිතරම බ්ලොග් එක ගැන ටච් එකේ ඉන්න..ගැටලු ගැන හරි පෝස්ට් එක ගැන හරි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නෙපා...

Good Luck
Posted By Danux

Wednesday, November 23, 2016

How To Permanently Delete Facebook Account

ෆේස්බුක් ගිණුම සදහටම අයින් කරමු...


ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහොමද තමන්ගේ ෆේස්බුක් ගිණුම කොහොමද  සදහටම ඉවත් කරගන්නෙ කියලා. මේක කරන්නෙ මෙන්න මෙහෙම....

1.. වෙබ් බ්‍රවුසරයකින් ( opera, internet, uc, chrome මොකක්හරි...) ඔයාගෙ ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්න(log)

2.. මේ ලින්ක් එකට යන්න :- හැබැයි ඒ බ්‍රව්සරෙන්ම යන්න ඕනෙ... :- 


3.. එතකොට මේ වගේ window එකක් ඕපන් වෙයි.


04.. එතන මේ මාර්ක් දෙකක් දාලා තියෙන විදියට 

    01 :- ඔයාගෙ ගිණුමේ පාස්වර්ඩ් එක ටයිප්                          කරන්න

    02 :- Submit බටන් එක ඔබන්න/ටච් කරන්න

05.. දැන් වැඩේ හරි. කොහොමත් මෙතන ඔයාගෙ ගිණුමට ආයෙ ලොග් වෙන්න බෑ. ආයෙ ඒක ගන්නත් බෑ ඒක මතකෙ තියාගන්න...

ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න...

Good Luck
Posted By DanuX

Top 10 Apps For Root Users ( Root කරපු පෝන් තියෙන අයට හොද ඇප්ස් 10 )

Root කරපු පෝන් තියෙන අයට හොදම ඇප්ස් 10... 

       මේ ගැන තමා අද දවසේ කතා කරන්නෙ. ඔයාලගෙ පෝන් එක ඉහළ හැකියාවෙන් යුක්තව හා වඩාත් හොදින් භාවිතා කිරීමට මේ ඇප්ස් ගොඩක් උපකාරී වේවි.
      These apps will help you to use your phone better and make its perfomence smoother...try it's..
____________________________________________

#1 Super User. 


  
  ඔයාලගෙ පෝන් එකේ රූට් මැනේජර් මෙයා තමා. මෙයාට පුලුවන්  රූට් කරපු පෝන් එකක root acces එක පාලනය කරන්න. ගොඩක් අය ගාව මේ ඇප් එක ඇති නැත්තන් King Root වගේ ඇප් එකන් වුනත් තියෙන්න පුලුවන්. සරලව කිව්වොත් මෙයා කරන්නෙ පෝන් එකේ ඇප්ස් ඉල්ලන root access එක ලබා දීම හෝ නොදීම.

#2 Titanium Backup.



   ටයිටේනියම් බැකප් කියන්නෙ ඔයාලගෙ පෝන් එකේ තියෙන ඇප්ස් , ෆයිල්ස් , පොටෙ‍ා්ස් සහ වීඩියෝ බැකප් ඒ කියන්නෙ පසු කලෙක නැවත භාවිතයට ගන්න පුලුවන් විදියට සුපිරියටම බැකප් කරන ඇප් එකක්. මේක‍ෙ pro version එක වුනත් මෙතන මම නොමිලේ ගන්න පුලුවන් වන් ලින්ක් එක දීලා තියෙනවා. භය නැතුව ඩවුන්ලෝඩ් කරන්න.

#3 Link2SD.



ලින්ක් ටු එස් ඩී. මේ ඇප් එකෙන් පුලුවන් ඔයාලගෙ පෝන් එකේ  internel memory ( අභ්‍යන්තර මතකය ) යේ තියෙන ඇප්ස් හෝ ගේම්ස් sd කාඩ් එකට move කරගන්න ගොඩක් වෙලාවට පොන් මෙමරිය මදි වුන වෙලාවට මේක ගොඩක් ප්‍රයෝජනවත්.

#4 Ad Block Plus.



ඇඩ් බලොක් ප්ලස් ගොඩක්ම වැදගත් ඇප් එකක් මේකෙ නමෙන්ම පුලුවන් මේකෙන් වෙන වැ‍ඩෙි තේරුම්ගන්න..මේකෙන් වෙන්නෙ අපේ පෝන් එකෙනි ඉන්ටර්නෙට් ගියාම එන ඇඩ් සේරම අයින් කරන්න මේවා තියෙනකොට ඉන්ටර්නෙට් යන එකත් එපා වෙනව වෙලාවකට. හැබැයි මේක දාගත්ත‍ොත් ඒ ප්‍රශ්ණෙ නැ. මේක රූට් න‍ොකරපු අයට පුලුවන් uc browser එකෙන් මේ වැඩේ කරගන්න.

#5 Xposed Framework.



එක්ස්පෝස්ඩ් ෆ්රේම්වර්ක් ඇප් එක වැදගත් වෙන්නෙ මේකෙන් අපේ පෝන් එකේ apperence එක වෙනස් කරගන්න පුලුවන් නිසා. Custom ui එකක් custom icons සහ ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන් තව device tweak( perfomence වැඩි කරගන්න) )ත් පුලුවන්.

#6 Greenify.



ග්‍රීනිෆයි වලින් පුලුවන් පෝන් එකේ බැටරිය ඉක්මනට බැහැල‍ා යන එකට විසදුමක් දෙන්න...අැත්තටම මේකෙන් වෙන්නෙ පෝන් එකේ background apps / services hibrenate කරන එක. ඒ කියන්නෙ අපිට නොපෙනෙන්න පෝන් එකේ වැඩ කර ඇප්ස් නවත්තන එක. ඒක ගොඩක් වැදගත් බැටරිය වැඩි කාලයක් භාවිතා කරන්න පුලුවන්.

#7 Quick Reboot.



ක්වික් රීබුට් නමින්ම තේරුම් ගන්න පුලුවන් මේකෙන් කෙරෙන්නෙ පෝන් එක turn off , reboot , safe mode කියන power option වෙනුවට අලුත් power options සපයන එක. ඇත්තටම පෝන් එක ඉක්මන් රිස්ටාට් එකක් කරගන්න පුලුවන් කියන්නෙ හිර වෙලා තියෙන පෝන් එක යතා තත්ත්වෙට ගන්න හොඳ ක්‍රමයක් ඉතින් මේ ඇප් එකෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.

#8 Dumpster.



ඩම්ප්ස්ටර් ඇප් එකෙන් අපිට පුලුවන් ඩිලිට් වුන photos, musics, videos, files නැවත ලබාගන්න හදිසයෙන් ඩලිට් වුනොත් වැදගත් දෙයක් ඒක පහසුවෙන් ලබාගන්න ‍මේ ඇප් එක උපකරී වෙනවා.

#9 Viper4Android.



වයිපර් ඇප් එක සිංදු අහන අයට ගොඩක් වැදගත්. මේකෙන් පුලුවන් සිංදුවෙ සවුන්ඩ් වෙනස් කරනන ඒ කියන්නෙ Equlizer එකක් විදයට effect දාලා සිංදුව පැහැදිලි සවුන්ඩ්ස් එක්ක රසවිදින්න පුලුවන්..

#10 GL Tools



ගේම් පිස්සන්ට හොද ඇප් එකක් තමයි මේ මේකෙන් පුලුවන් පෝන් එකේ games වල graphics quality වැඩි කරගන්න ඒ වගේම games speedup කරගන්න.
ඉතින් අරගෙනම බලන්න මේ කියපු ඇප්ස් දහය...

Link වල ගැටලු තියෙනවනම් කමෙන්ට් එකක දාන්න....

Good Luck
Posted By Danux